බූරු ගහද්දී පොහොට්ටු මන්ත‍්‍රී පොලිස් අත්අඩංගුවට..

October 1, 2020 at 12:00 pm | lanka C news
බූරු ගහද්දී පොහොට්ටු මන්ත‍්‍රී පොලිස් අත්අඩංගුවට..

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලූ පුද්ගලයන් අට දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් නවගත්තේගම ප්‍රදේශයේ සූදු පොළක සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක් ද සොයාගෙන ඇත.

මෙම වැටලීම කර ඇත්තේ පොලීසියට ලද ඔත්තුවක් මතයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අතර ඔහු මීට පෙර ද සුදු පිටියකදී අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අයෙක් බව පොලිසිය කියයි.

6,909 views

5 Comments to “බූරු ගහද්දී පොහොට්ටු මන්ත‍්‍රී පොලිස් අත්අඩංගුවට..”

  1. kkuruwita says:

    කාරියවසම් ලේකම් මැතිඳුනි, පක්ෂයේ ගෞරවය හා ජනතා ප්‍රසාදය විනාශ කරන මුන් පක්ෂයෙන් වහා ඉවත් කරන්න. එය අනිත් අයටත් පාඩමක් වෙයි.

  2. Sam Fernando says:

    පොලිසිය මහත්වරුනේ, ඔය පොඩි පොඩි මන්ත්‍රීලා අපට වැඩක් නෑ. කුඩු ගෙන්වන ලොකු ලොකු දේශපාලකයෝ අත්අඩංගුවට ගන්න

  3. S.Vitharana says:

    කියපං ජොනියට එයා වැරදි කලත් අපේ අය බේර ගන්නව නේ නේ නෛ?

  4. සුදත් says:

    වැඩිපුර බූරු ජනතාවක් ඉන්න රටේ බූරුවෝම තමයි වැඩි මනාපෙන් තේරෙන්නේ

  5. sunimal says:

    පොහොට්ටුවේ නම තියාගන්න නම් මේ කාලකන්නි පක්ෂයෙන් නෙරපිය යුතුය