බූරු ගැසූ ලග්ගල සභාවේ සභාපති අත්අඩංගුවේ.. මුදා හරින්නැයි බලපෑම්..

September 16, 2020 at 6:48 pm | lanka C news
බූරු ගැසූ ලග්ගල සභාවේ සභාපති අත්අඩංගුවේ.. මුදා හරින්නැයි බලපෑම්..

මාතලේ ලග්ගල ප්‍රාදේශීය සභාපති වරයා ඇතුළු අට දෙනකු පොලිසිය විසින් අත්අඩංගු ඇත.

ඊයේ අලුයම 03.00ට පමණ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදලට සුදු ක්‍රීඩාවේ යෙදීම හේතුවෙනි.

ඔවුන් සතුව තිබී රුපියල් විසිපන්දහසක පමණ මුදලක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් අයෙකු සතුව තිබී හෙරොයින් ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සභාපතිවරයා එම ස්ථානයෙන් පලා යාමට සහ නඩු පැවරීමකින් තොරව මුදා හැරීමට විවිධ බලපෑම් එල්ල කළද ඒ කිසිවකට එකඟ නොවී තිබේ.

ලග්ගල ප‍්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය හොබවයි.

15,676 views

9 Comments to “බූරු ගැසූ ලග්ගල සභාවේ සභාපති අත්අඩංගුවේ.. මුදා හරින්නැයි බලපෑම්..”

  1. ඇත්ත යථාර්ය says:

    ඔය වගේ බූරුවන් පක්ෂයෙන් නෙරපා නිලයෙන්ද ඉවත්කර බූරුවන් ගොඩට යැවිය යුතුය. දැඩි වියක් පක්ෂයක තිබිය යුතුය.

  2. ඇත්ත යථාර්ය says:

    පක්ෂයක දැඩි විනයක් තිබිය යුතුය.

  3. මැදමුලනෙ මුත්තා says:

    ඔන්න ඔහොම තමයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සෞභාග්‍යයේ දැක්ම යටතේ විනයගරැක රටක් හදන්නෙ බොලං.
    එල්ලුං ගහට නියම උන එකා පාර්ලිමේන්තුවෙ. ප්‍රාදේශීය සභාවෙ සභාපති බූරැ පිටිටනියෙ. කෝ මෙි වියත්මගේ සහ යුතුකමෙි එවුං?

  4. SL says:

    ගමේ ඉන්න තක්කඩින් දේශපාලනේට අරන් පාර්ලිමේන්තුවටම එන්න පාර කපන ප්‍රාදේශිය සභාව ඉන්දියාවෙන් ලැබුනු සුදු අලියෙක්

  5. රට වෙනුවෙන් says:

    විකාර කතා කරන්න එපා.
    වහාම මුදා හරින්න. වහාම
    අනෙක මෙව්වා පත්තරවල දාන දේවල්ද

  6. kkuruwita says:

    පොහොට්ටුවේ වුනත් මොකා වුනත් වරදට දඬුවම් දිය යුතුමයි. පොහොට්ටුව කලු පැල්ලම් ඇති කර නොගතයුතුයි.

    • රට වෙනුවෙන් says:

      අයිෂේ බූරු ගැහිල්ලේ මොකක්ද තියෙන වරද?
      තවුසේට තියා වෙන කාටවත් ඕකෙන් වෙන වැරැද්දක් කරදරයක්ති යෙනවද
      බූරු ගැහිල්ල අහිංසක ජාතික ක්‍රීඩාවක් ඕක ගැහුවා කියල පොහොට්ටුවට කළු පැල්ලන් ඇති වෙන්නේ නෑ
      පෞ සාඩින් බෛයෙක්

      • වෙරි සොරි says:

        සාඩිං බෙයියාගෙ ගෙදර උන් තාම කන්නෙ කොරෝනා කාලෙ දුන් අඩුමිල සාඩිංලු. ඒකා හැමදාම “බඩ වෙනුවෙන්” කොටන්නෙ කට දෙපැත්තෙන් සාඩින් ඉස්ම පෙරාගෙන 😁

Leave a Comment

Main News