බූරු ගැහුවේ නෑ.. ඇදිරි නති කඩාගෙන සෙල්ලමට කාඩ් ගැහුවා.. නාවලපිටිය දුරකතන සභාපති

May 6, 2020 at 5:30 pm | lanka C news
බූරු ගැහුවේ නෑ.. ඇදිරි නති කඩාගෙන සෙල්ලමට කාඩ් ගැහුවා.. නාවලපිටිය දුරකතන සභාපති

ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු අට දෙනෙකු රු ලක්ෂයක ශරිර ඇප මත (06) දින මුදා හැර යලිත් මෙම නඩුව 2020.07.06 දින කැදවිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා නියෝග කලහ.

සැකකාර සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ඉකුත් මස 30 දින ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක හෝටලයක නිරෝධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් මුදලට සුදු ක්‍රිඩාවේ යෙදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල , ගිනිගත්හේන පොලිස් ස්ථානවල නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරුවන් අධි සුපෝගභෝගි ජිප් රථයක් සහ මොටර් රථයක් සමග අත්අඩංගුවට ගෙන ගිනිගත්හේන පොලිසිය බි 29860 වාර්තාව යටතේ යටතේ සැකකරුවන්  මේ මස 1 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු අට දෙනෙකු (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර බන්ධනාගාර නිලධාරින් හරහා සැකකරුවන් මහනුවර ශික්ෂණ රෝහල වෙත ඉදිරිපත් කර පි.සි.ආර් පරික්ෂණයකට ලක් කර එහි වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙස හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

(06) දින සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ  ගිනිගත්හේන පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයංක කරුණාදාස මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් අධි සුපොගභෝගි වාහන දෙක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂන සිදු කරන නිසා සැකකරුවන් තවත් දින 14 රක්ෂිත බන්ධනාගාර ගත කර බන්ධනාගාර නිලධාරින් හරහා සැකකරුවන් නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කරන ලෙසයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයින් නිරෝධාන පනත උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් වරද පිලිගන්නා බවත්, සැකකරුවන් මුදලට සුදු ක්‍රිඩාවේ යෙදුණේ නොමැති බවත්, සැකකරුවන්  කාඩ් සෙල්ලම් කරමින් සිටින අවස්තාවේ  පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එ අනුව සැකකරුවන් ඕනැම ඇප කොන්දේසියක් මුදා හරින ලෙසට සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටිහ.

දෙපාර්ශවයෙන්ම කරුණු සලකා බැලු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරුවන්ව පි.සි.ආර් පරික්ෂණයක් සදහා ඉදිරිපත් කර (06) දින එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම වාර්තාව අනුව සැකකරුවන්ට කොවිඩ් 19 වෛසරය අසාධනය වි නොමැති නිසා සැකකරුවන් යලිත් නිරෝධානයකට යොමු කිරිමට අවශ්‍යය නොවන බවයි.

අධිකරණයේ පිටතට පැමිණි නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාකියා සිටියේ  තමන් අත්අඩංගුවට ගැනිම දේශපාලන අවශ්‍යයතාවයක් මත සිදු වුවක් බවයි.

තමන් රක්ෂිත බන්ධානාගාරව සිටියදි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙමින් සිටියදි මස්කෙලිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන එදිනම පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

222 views

17 Comments to “බූරු ගැහුවේ නෑ.. ඇදිරි නති කඩාගෙන සෙල්ලමට කාඩ් ගැහුවා.. නාවලපිටිය දුරකතන සභාපති”

  1. Corona Jihadist says:

    This kind of idiots become Sinhala leaders good for us. Soon Sinhalese will become minority of this country.

  2. කිතුල් ගස යට වාඩි වී කිරි බොන්න එපා

Main News