බෙංගමුවේ නාලක හිමියන් අත්අඩංගුවනට ගන්නැයි නියෝග කෙරේ…

August 31, 2018 at 12:40 pm | lanka C news
බෙංගමුවේ නාලක හිමියන් අත්අඩංගුවනට ගන්නැයි නියෝග කෙරේ…

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු හිමිවරුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය විසින් නියෝග නිකුත් කර ඇත.

2016 වසරේදී පැවති රණවිරු විරෝදතාවක් අතරතුරේදී පොදු දේපලවලට අලාභ හානි කලේ යයි මෙම පිරිසට එරෙහිව පවතින නඩුවක් අද දිනයේ සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදත්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් මෙසේ අත්අඩංගුවට ගන්නැයි නියෝග කර ඇති සෙසු හිමිවරැුන්ය.

263 views
Main News