බෙංගාල බොක්ක කැලඹේ.. රට පුරා මහ වැහි..

November 17, 2016 at 5:30 pm | lanka C news
බෙංගාල බොක්ක කැලඹේ.. රට පුරා මහ වැහි..

බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව හා නැගෙනහිර පළාත්වල දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව පවසයි.

බෙංගාල බොක්කේ ඇති වී තිබෙන කැලඹීමක් හේතුවෙන් ඇති වී තිබෙන මෙම තත්වය තවත් දින කිහිපයක් බලපානු ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.

ඇතැම් ස්ථානයත්හි මි.මී.100 ඉක්මවු වර්ෂාපතනයක්ද ඇද හැලෙනු ඇති බවද ඔවුන් පවසයි.

197 views
Main News