බෙංගාල බොක්ක කැළඹෙයි.. ධීවරයින්ට අනතුරු ඇගවීම්.. මුහුදු ගමන් නොයයි..
November 22, 2018 at 2:06 am | lanka C news
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් උතුරේ ධීවරයින්ට (21) දිනයේදී මුහුදු යාමෙන් වලකින ලෙසට අනතුරු ඇගවීම හේතුවෙන් උතුරේ ඇතම් ප්රදදේශයන්හි ධීවරයින් අද දින මුහුදු යාමෙන් වැලකී සිටියහ.
දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් පීඩන අවපාතයක් වර්ධනය වෙමින් පවතින හෙයින් එහි බලපෑම හේතුවෙන් උතුරු පලාතේ මන්නාරම් බොක්ක ප්‍රදේශයේ වැසි සහ සුලං වේගයේ වැඩිවීමක් ඇති වේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කොට ඇත.
එමෙන්ම මුලතිව් සිට කන්කසන්තුරෙයි හරහා මන්නාරම දක්වා වෙරලට ඔබ්බෙන් මුහුද රළු විය හැකි බැවින් ධීවර කටුයුතු වල නිරත වීමෙන් වලකින ලෙසටද කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව විසින් නිවේදනය කොට ඇත.
අදාල නිවේදනයන් හේතුවෙන් මන්නාරම හා මුලතිව් දිස්ත්‍රීක්කයේද යාපනය දිස්ත්‍රීක්කයේ ඇතම් ප්‍රදේශයන්හි ධීවරයින් අද දින මුහුදු යාමෙන් වැලකී ධීවර යාත්‍රා ගාල් කොට ඇති අයුරු දැක ගත හැකි විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ