බෙන්තොට පාලම උඩ කල අහඹු පරීක්ෂාවෙන් ආසාදිතයන් පිරිසක් හමුවේ..
January 15, 2021 at 5:30 pm | lanka C news
අලුත්ගම පොලිස් වසමට අයත් බස්නාහිර පලාත් මායිමේ බෙන්තොට පාලම අසලදී දකුණු පලාතට ගමන් කරමින් සිටි පුද්ගලයන් 102 දෙනෙකු 14 දහවල් අහඹු ලෙස සිදු කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවෙන් පුද්ගලයන් 6 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් 19 ආසාදිත බව හදුනා ගැනුනු බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා පැවසීය.
පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා සිදු කල මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු ආසාදිතව හදුනාගත් අතර පයාගල හා ඌරගහ ප්‍රදේශවල පදිංචිකරුවන් වූ මොවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කල බව සෞඛ්‍ය හා අලුත්ගම පොලීසියේ කොවිඩ් 19 පැතිරයාම වැලැක්වීමේ ඒකාකයේ නිළධාරීන් පැවසීය.
– තුසිත කුමාර ද සිල්වා
මේ ප්රවෘත්ති පල කරන්නෙපා කරුණාකරලා. මොකද තාම වසංගතය සමාජගත වෙලා නැහැ.
අනෙක එක ආණ්ඩුවට හොඳ නැහැනේ.
මිනිස්සුත් බය වෙනවනේ.