බෙල්ලන්විල නාහිමිගේ අනුශාසනයවත් පිලි අරන් නෑ.. කොමිසම පත් කොට ඇත්තේ බැදුම්කර මගඩිය ගැන හැදෑරීමට පමණයි..

February 6, 2017 at 3:50 pm | lanka C news
බෙල්ලන්විල නාහිමිගේ අනුශාසනයවත් පිලි අරන් නෑ.. කොමිසම පත් කොට ඇත්තේ බැදුම්කර මගඩිය ගැන හැදෑරීමට පමණයි..

පසුගිය දා නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න මහා නායක හිමියන් පැවසුවේ මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව ජනාධිපතිවරයා මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය යන්නයි.

ඒත් ජනාධිපතිවරයා විසින් පත්කල කොමිසමට ලබාදි ඇති කරුණු 10 ක් ඇතුලත් රාජකාරිය වනුයේ පසුගිය දා මහා බැංකුවේ සිදු වු භාණ්ඩාගාර බැදුම්කර අලෙවියේදි දූෂණයක් සිදු වී ඇත් ද යන්න තොරතුරු රැස් කොට වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිමට බව පසුගිය ඉරිදා සන්ඩේ ටෛම්ස් පුවත් පත “Bond issue: Only fact-finding role for Commission of Inquiry”.යටතේ වාර්තා කොට ඇත.

ඒ අනුව පැහැදිලිව පෙනෙනේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව කරුණු සහිතව ඔප්පු කොට ඇති රජයේ විගණකාධිපති විසින් පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කොට ඇති වාර්තා තිබියදි මෙවෙනි කොමිසමක් හරහා තවදුරටත් මෙම මහා වංචාව සම්බන්ධව තොරතුරු සෙවිම පමණක් ද යන්න ජනතාව ප්‍රශ්න කරනු ඇත.

එමෙන්ම මෙරටේ සිටින බුද්ධිමත් මෙන්ම මහා උගතෙකු වන අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල නාහිමි ප්‍රසිද්ධියේ රටේ ජනාධිපතිවරයාට අනුශාසනා කල භාණ්ඩාගාර බැදුම්කර අලෙවියේදි සිදුවු දූෂණයන් සෙවිමට තවත් කොමිෂන් පත් කිරිමෙන් අවශ්‍ය කාරනාව ඉෂ්ට නොවන බව මෙයින් ඉතා පැහැදිලිය.

– FB

40 views
Main News