බෙල්ලන්විල නාහිමි සැත්කමට පෙර තම සහෝදර හිමියනට පවසා ඇත්තේ අපවත්වූවොත් රාජ්‍ය ගෞරවය අනවශ්‍ය බවයි…

February 4, 2018 at 11:20 am | lanka C news
බෙල්ලන්විල නාහිමි සැත්කමට පෙර තම සහෝදර හිමියනට පවසා ඇත්තේ අපවත්වූවොත් රාජ්‍ය ගෞරවය අනවශ්‍ය බවයි…

අති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නාහිමි හදිසි අනතුරකින් පසු කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ශල්‍ය කර්මයකට භාජනය කලහ.

ඊට අදාල ශල්‍ය කර්ම සාර්ථකව සිදු කර තිබියදී උත් වහන්සේට ඇති වූ හෘදයාබාද තත්වයක් නිසා ඊයේ පෙරවරුවේ අපවත් වූහ.

උන්වහන්සේ සැත්කමට පෙර තම සහෝදර මා නාහිමිට පවසා ඇත්තේ අපවත්වූවෝත් මේ ආණ්ඩුවේ රාජ්‍ය ගෞරවය අනවශ්‍ය බවයි.

ඒ අනුව හිමියන්ගේ දේහය පිළිබද ආදාහන පූජොත්සවය එළැඹෙන 08 වැනිදා ශ‍්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාල භූමියේදී සිදු කිරීමට නියමිතය.

උන්වහන්සේ ජීවත්ව සිටියදි පැහැදිලිව මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයක් කොට උතුරු සහ නැගෙනහිරට විශේෂ බලතල ලබාදීමට විරුද්ධව විශාල කාර්යයභාරයක් සිදු කලහ.

99 views

11 Comments to “බෙල්ලන්විල නාහිමි සැත්කමට පෙර තම සහෝදර හිමියනට පවසා ඇත්තේ අපවත්වූවොත් රාජ්‍ය ගෞරවය අනවශ්‍ය බවයි…”

  1. indunil says:

    budda cheewarayata, ranaviruwata………………. apala kaalayakkk

Main News