බෙල්ලන්විල හිමිගේ ආදාහනොත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව..

February 4, 2018 at 4:40 pm | lanka C news

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ දේහය පිලිබද ආදාහන පූජොත්සවය පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එම කටයුතු බුද්ධ ශාසන, තිරසර සංවර්ධන හා වනජීවී ඇමති ගාමිණි ජයවික‍්‍රම මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙයි.

සියළු නිවාස, ආයතන, ව්‍යාපාරික ස්ථාන, රථවාහනවල කහ පැහැ කොඩියක් ප‍්‍රදර්ශණය කරන ලෙසද රජය ඉල්ලයි.

විමලරතන හිමිගේ දේහය පිලිබද ආදාහන පූජෝත්සවය එළැඹෙන 08 වැනිදා ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාල භූමියේදී සිදු කෙරෙයි.

කෙසේ වෙතත් විමරතන හිමියන් අපවත් වන්නට පෙර ඉල්ලා තිබුනේ තමන්ගේ ආදාහනය වෙනුවෙන් රාජ්‍ය ගෞරව උවමනා නැති බවයි.

97 views

11 Comments to “බෙල්ලන්විල හිමිගේ ආදාහනොත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව..”

  1. sinha le says:

    “රටේ ඒකීයභාවයට නම් අතක් තියන්න එපා..”-බෙල්ලන්විල විමලරතන හිමි යමපාලනයට පවසා ඇත

  2. lion says:

    මේ ආකාරයේ කැත වැඩ මීට පෙර කිසිදු ආණ්ඩුවකින් සිදු නොකල බවද සදහන් කරන එහිමියෝ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටද කොලේ වහලා කරන සැලසුමක් ඇතැයිද සදහන් කරති.

    http://news.lankanext.com/2017/10/blog-post_67.html?m=0

  3. love nature says:

    ශ්‍රී ලංකාව අද වනවිට ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් පැවසූවා. උන්වහන්සේ රටේ වත්මන් දේශපාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක්කලේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ අද නිදහස් චතුරශ්‍රයේ පැවැත්වු සුපිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.

    “හැමදාම මේකේ ගහගන්නවා, බැණ ගන්නවා, කුණුහරප කියා ගන්නවා, අද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය නැති වෙලා ගිහින්. මෙහෙම අය ඇයි තෝරලා පාර්ලිමේන්තුවට යවන්නේ, අපිට මොකද වුනේ” යනුවෙන් උන්වහන්සේ විමසා සිටියා.

    ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 60 කට ආසන්නව ලියාපදිංචි වී ඇති බව බෙල්ලන්විල විමලරතන හිමියන් කියා සිටියා. තවත් දේශපාලන පක්ෂ 100 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචිය බලාපොරොත්තුවෙන් සිටින බවත් උන්වහන්සේ කියා සිටියා.

    “මට සාත්තර කියන්න බැහැ. මම සාත්තර විශ්වාස කරන්නෙත් නැහැ. නමුත් මේ අවුරුද්දෙත් ඒක වෙන්නේ නැහැ” යනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් කියා සිටියේ පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් උද්ගතවි ඇති තත්වය සිහිපත් කරමිනි.

  4. love nature says:

    සමකාලීන ජාතික ප්‍රශ්න හමුවේ උන්වහන්සේ සිය මතය මෙවර ප්‍රකාශ කරන්නේ වරදාන වරප්‍රසාද හමුවේ නොනැමී දේශය සුරකින මුරදෙවි ලෙස තමන් වහන්සේලා සතු වගකීම ප්‍රකට කරවමිනි.

    ප්‍රශ්නය – නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ හොඳින් දන්නා හඳුනන, මාදුළුවාවේ සෝභිත හිමියෝ අද ජීවත්ව වැඩ සිටියා නම් මේ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව කොහොම කතා කරයිද…?

    පිළිතුර – සෝභිත හාමුදුරුවෝ අද හිටියා නම් මේ කෙරෙන හුඟක්‌ දේවල් අනුමත කරන්නේ නැහැ. උන්වහන්සේ අපවත්වීමට සතියකට දෙකකට ඉස්‌සෙල්ලා, මේ දේවල් ගැන කනගාටුවෙන් තමයි කතා කළේ. යහපාලනය කියපු දෙය නෙමෙයි අද ක්‍රියාත්මක වෙන්නේ කියලා, උන් වහන්සේ අප සමග පැවසුවා. උන් වහන්සේ ජීවත්ව සිටියා නම් මේ සමහර දේවල් ගැන උන්වහන්සේ, ප්‍රසාදයක්‌ පළ කරන එකක්‌ නැහැ.

    ප්‍රශ්නය – ස්‌වාමින් වහන්ස…වත්මන් ආණ්‌ඩුව සම්මුති පදනමක්‌ මතයි ඇතිවී තිබෙන්නේ. මේ පදනම නිසාත් සමහර ප්‍රශ්න ඇතිවී තිබෙනවා නේද…?

    පිළිතුර – මිට කලින් ලංකාවේ මෙවැනි ආණ්‌ඩුවක්‌ ඇතිවෙලා නැහැ. මෙච්චර කාලයක්‌ මේ ප්‍රධාන පක්‌ෂ දෙක එකිනෙකාට එරෙහිවූ ප්‍රතිපත්ති මතයි සිටියේ. මේ පක්‌ෂ දෙක එකට එකතු වෙලා යන ගමන අතුරේ යන ගමනක්‌ වගේ. මේ ආණ්‌ඩුව එජාප ආණ්‌ඩුවක්‌ ද ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ ද කියලා කියන්න බැහැ. ඒ නිසා මේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය මොකක්‌ද කියලාත් කියන්න බැහැ. විශේෂයෙන්ම ජනාධිපතිතුමාට මේ නිසා අසීරුතාවයකට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා. එතුමා, පොදු අපේක්‌ෂකයා ලෙස ප්‍රාදූර්භූත වුණේ, හදිසියේම වගේ. එතුමා ඊට කලින් වසර ගණනක්‌ ශ්‍රීලනිපයේ ලේකම් ලෙස එම පක්‌ෂය වෙනුවෙන් කටයුතු කළා. එතුමා ජනාධිපති වුණාට පස්‌සේ, එජාපය සමග තිබ්බ ගිවිසුම අනුව, කටයුතු කරන්න වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න වුණා. ඒ වගේ ප්‍රතිපත්තිමය වශයෙනුත් එතුමා අසීරුතාවයන්ට මුහුණ දෙන්න ඇති. ප්‍රතිපත්තිමය වශයෙන් මේ දෙපිරිස සිටින්නේ තැන් දෙකක. ඒක සමබර කර ගැනීමේදී ජනාධිපතිතුමාට බැරෑරුම් තීන්දු තීරණ ගන්න වෙනවා.

    ප්‍රශ්නය – ඔබ වහන්සේ විසින් බැඳුම්කර මගඩිය පිළිබඳව ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරනු දකින්නට ලැබුණා…

    පිළිතුර ) මම එතැන කතා කරන කොට ජනාධිපතිතුමා විසින් ඒ ගැන සොයා බැලීම සදහා විශේෂ කොමිසමක්‌ පත්කරලා දවසක්‌වත් ගතවෙලා තිබුණේ නැහැ. ඒක පත් කළේ මෑතකදී නේ… ඔය ගනුදෙනුව කෙරිලා දැන් අවුරුදු දෙකකට වැඩිනේ. මුල් අවස්‌ථාවේ ඒ පක්‌ෂ අභ්‍යන්තරයේම කමිටුවක්‌ පත් කරලා, පරීක්‌ෂණ කොමිටියක්‌ තිබ්බා. ඒ වගේ දේවල්වලින් වෙච්ච දෙයක්‌ නැහැනේ… ඊට පස්‌සේ ඒක කෝප් එකට ගියා. ඒ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කළේ නැහැ. එන්න එන්න තත්ත්වය නරක්‌ වෙන කොට, රටේ උද්ඝෝෂණ නැගෙන කොට තමයි, ජනාධිපතිතුමා විසින් කොමිසමක්‌ පත් කළේ. මේ රටේ කොමිෂන් ඉතිහාසය දිහා බලන කොට, ඒවා ප්‍රශ්න අමතක කරන්න, කල් මැරීම සඳහා උපායක්‌ ලෙස භාවිත වුණා, මිසක්‌ අල්ලපු හොරෙක්‌ නැහැ. මම ඒ ගැන ජනාධිපතිතුමා ඉන්න තැනදීම කතා කළා.ඒ තැනදී ජනාධිපතිතුමා ඉතා ගෞරවාන්විතව මේ කොමිසමේ තත්ත්වය පැහැදිලි කළා. එතුමාට ජනාධිපති කොමිසමක්‌ පත් කරන්න තිබ්බත්, එතුමා පත් කරලා තිබෙන්නේ විශේෂ කොමිසමක්‌. එහි වාර්තාව මාස තුනකින් නිකුත් කිරීමට නියමිත බව එතුමා කිව්වා.

    මේක පොඩි එකාටත් තේරෙන දෙයක්‌. මෙතන වංචාවක්‌ වෙලා තියෙනවා කියන එක කවුද නොදන්නේ. මිනීමැරුමක්‌ නම්, ඒක අපිට යම් තාක්‌ දුරකට අත හැරලා දාන්න තිබ්බා, මැරිච්ච කෙනා එන්නේ නැහැ කියලා. මේක එහෙම එකක්‌ නෙමෙයිනේ… මේ සිද්ධිය දිගින් දිගට යන්න යන්න වෙන්නේ, ඒ වැරදි විදිහට මහජන මුදල් හොරකම් කරපු පුද්ගලයන්ට සහ සමාගමට දවසින් දවස ආදායම් එනවා. මේ අවුරුදු එකහාමාර තුළ ඒ සමගම බිලියන ගාණක්‌ මුදල් හම්බු කරලා තියෙනවනේ… ඒ අය වෙනත් තැන්වලත් ඒ මුදල් ආයෝජනය කරනවා. මේ විදිහට කල් යන්න යන්න ඒ අය තව තව හම්බු කරනවා. හොරකම් කරපු සල්ලි පැටව් ගස්‌ස ගස්‌ස ඉන්නවා. සාමාන්‍යයෙන් මුදල් වංචාවක්‌ වුණහම, ඒ මුදල් සීස්‌ කරන්න ඕනේ. ඒ ගිණුම් සීස්‌ කරන්න ඕනේ. තාම ඒක වෙලත් නැහැනේ. ඒ ඔක්‌කොම මේ රජයට එන්න තියෙන මහජන මුදල් නේ… සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලිනෙ… පරීක්‌ෂණ කෙරෙනවා කිව්වත්, ඒ ගිණුම් තාම අක්‍රිය කරලා නැහැනේ… මගේ විවේචනය ඒ ගැනයි.

  5. sinha le says:

    ශක්තිමත් සංඝ පරම්පරාවකින් පැවත එන මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ විහාරාධිකාරීත්වය යටතේ පවතින බෙල්ලවිල රාජමහා විහාරයේ අතීතය දේවානම්පියතිස්ස රජ දවස දක්වා දිව යන්නකි. දෙවන පෑතිස් රජය සමයේ මෙරටට වඩම්මවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවෙන් පැන නැගුණු දෙතිස්ඵල මහා බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල පුද බිමෙහි රෝපණය කර ඇති බව සිංහල බෝධී වංශයේ සදහන් වෙයි. අතීතයේ පටන් මහත් අනුහස් ඇති බෝධීන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට බෙල්ලන්විල බෝධීන් වහන්සේ සහ පුදබිම ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ සමයේ ද ගෞරව පුද පූජාවට ලක් වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

    සයවැනි පැරකුම්බා රජ සමයේ මෙරට සාහිත්‍යයේ මෙන්ම බෞද්ධ ශාසනයේ ද පුනරුදයක් ඇති වූ කාලපරිච්ඡේදයක් ලෙස සැලැකේ. එම යුගයේ දී මෙරට ශාසනික සේවාවේ මධ්‍යස්ථානයක් වන පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන බිහිවෙන අතර එහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලා බෝධි වන්දනාව සදහා බෙල්ලන්විල පුද බිමට පැමිණි බව සදහන් වන අතර සීතාවක යුගයේ දී ලියැවුණු වන සැවුල් අස්නෙහි බෙල්ලන්විල විහාරය පිළිබඳ සදහන් කර තිබීම ද මෙම පුද බිම එකල පවා ගෞරවාදරයට පාත්‍රව තිබූ බවට සාක්ෂියකි.

  6. love nature says:

    මෙම ප්‍රදේශයට බෙල්ලන්විල යන නාමය පටබැඳුණු ආකාරය ගැන අවධානය යොමු කිරීමේදී ඒ සඳහා ජනප්‍රවාදයක කිහිපයක් වාර්තා වනවා. ඒ අතර මෙම රජමහා වෙහෙරට නැගෙනහිර ප්‍රදේශයට වන්නට වෙලක් පිහිටා තිබූ බවත් එම වෙල්යාය මැද බෙල්ලන් සිටියාවූ විලක් පැවති බවත් ඒ හේතුවෙන් විල අයිතිව පවතී ගමට බෙල්ලන්විල යන නම සෑදුණු බව පැරැන්නන්ගේ මතය වනවා.

  7. lion says:

    බෙල්ලන්විල බෝධීන් වහන්සේ සතුව මහා බලයක් තිබෙන බවට බොහොමයක් බැති මතුන් ප්‍රකාශ කරනවා. මෙසේ තිබෙන විශ්වාසය හේතුවෙන් ලංකාවේ සතරදිග් බාගයෙන් සෙත් ශාන්තිය පතා බෝධි පුජා පැවැත්වීමට ද පැමිණෙනවා.

    • CCCCP says:

      Has Lord Buddha preached anywhere in his 45 year on noble service to all the living being in this universe to rely on external powers, external matters ( mouton, rivers, rocks, trees, etc)???????

      Only rely on our-self and with the help of Budda, Dhamma and Sanga realized the truth by our wisdom and reach to our own salvation (Nirwana).

  8. love nature says:

    දරු ඵල පතන්නෝ, උපන් කිරි කැටි බිළිඳුන්ට බෝ සමිඳු පිහිට පතන්නෝ, ලෙඩ දුක පිරිපත දුරැර සුව සෙත සිරි සැප පතන්නෝ සහ නා නා විධ අපේක්‍ෂාවන් ඇති සැදැහැවත්හු බෙල්ලන්විල රජමහා විහාරයේ බෝ සමිඳුට පුද සත්කාර පවත්වති.

    හැම විට සිය දහස් ගණනින් බැතිමත්හු වන්දනා මාන කරන අසිරිමත් බෙල්ලන්විල රජ මහා විහාරය අතීත බෞද්ධ රාජ්‍යයක ප්‍රෞඪ ඉතිහාසය සිහි ගන්වයි. පුරාතන ගෘහ නිර්මාණයන් අනුව තැනුණු සම්බුදු මැදුර දුටුවන් සිත බැතියෙන් පුබුදුවාලයි. පැරැණි මකර තොරණ, නාග රූප, වාමන රූප, කොරවක්ගල්, ලියකම්, විවිධ කැටයම් ආදිය බෙල්ලන්විල රජ මහා විහාරයට පිවිසි පුද්ගලයා සිතින් අනුරාධපුර, පොළොන්නරු ඓතිහාසික පුදබිම් වෙත කැඳවාගෙන යාමට සමත් වේ.

    දෙමහල් සංඝාවාසය, ධාතු මන්දිරය, දෙමහල් ධර්ම ශාලාව, ආදී නවීන ශාලා සියල්ල එකකට එකක් ගැලපෙන උචිත සැලසුම් අනුව ගොඩ නංවා ඇත. අතීතයේ ජරාවාසව පැවැති පැරැණි සිද්ධස්ථානයක් නවීන යුගයට ගැලපෙන සේ නිර්මාණය කළෝ බෙල්ලන්විල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී සිද්ධාර්ථ විහාරවංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී රත්මලාන පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ ය. ඒ 1946 වසරේදී ය.

    විහාර සිතුවම් සම්ප්‍රදායන් අතරට තවත් විශිෂ්ට සිතුවම් සම්ප්‍රදායක් බෙල්ලන්විල රජ මහා විහාරයේ සම්බුදු මැදුරේ සිතුවම් වී ඇත. මෙසේ බෙල්ලන්විල බුදු මැදුරේ ඇති අතිවිශිෂ්ට බිතු සිතුවම් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන්ගේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර කීර්තියට පත් සෝමබන්ධු විද්‍යාපති කලාවේදියා විසින් අඳින ලද සිතුවම් ය.

  9. Siraa says:

    සෝම හිමි, සොබිත හිමි, බෙල්ලන්වල හිමි අපවත් වෙන්නේ (කරන්නේ) UNP ආණ්ඩු කරන කාලේ. (Threat නැති කරන එකනේ සම්ප්‍රදාය)

  10. සාධාරණ මිනිසා says:

    පාර්ලිමේන්තුවේ නොගැලපෙන /නුසුදුසු දේ කරන එක ඇත්ත ඒ වගේම ඇතැම් සංඝයා වහන්සේලත් නොගැලපෙන /නුසුදුසු දේ කරනව නේද ?මටනම් හිතෙන්නෙ ගව්‍රවනීය ලොකුහාමුදුරුවන් ඒ ගැනත් බරපතලව හිතුවොත් හොද යි

Main News