බෙලිඅත්ත දුම්රිය මග විවෘත කරන්න ආ ඇමති අර්ජුනට ජනතාව හූ කියති.. මග දෙපස මහින්ද උන්මාදයක්..[Photo/Video]

January 6, 2019 at 12:00 pm | lanka C news
බෙලිඅත්ත දුම්රිය මග විවෘත කරන්න ආ ඇමති අර්ජුනට ජනතාව හූ කියති.. මග දෙපස මහින්ද උන්මාදයක්..[Photo/Video]

මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ගමන සිදු කිරීම සඳහා අද පෙරවරුවේ පැමිණි ඇමති අර්ජුන රණතුංග මහත එහි රැස්ව සිටි ජනතාව විසින් හූ කියා ඇත.

විරෝධතාකරුවන්පවසා ඇත්තේ මෙම දුම්රිය මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද්දක් නිසා අර්ජුන රණතුංග මහතා විසින් එය විවෘත කිරීම යෝග්‍ය නොවන බවයි.

මෙම විශේෂ දුම්රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූර සහ සහ ඔහුට සුබපැතුම් සවිකර තිබූ අතර විරෝධතාකරුවන් විසින් ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංගට එහි ගමන් කිරීමටද විරෝධය පල කර ඇත.

කෙසේ වෙතත් ඇමතිවරයා බෙලිඅත්තේ සිට මාතරට පැමිණ මාතරදී මාධ්‍ය වෙත අදහස් පල කලේය.

දුම්රිය මග දෙපස බොහෝ තැන්වල මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව රැගත් කොඩි බැනර් ඔසවා තිබින.

ඒ සතුට සමරන්න වචන නෑ… සුද්දා මේ රට දාලා ගියාට පස්සේ දුම්රිය මාර්ගයක් හදන්න නායකයෙක් ඉදලා නෑ ඒ. හිටියා නම් ප්‍රථම නායකයා ගරු මහින්ද රාජපක්ෂ අපේ මැතිතුමා කියන ආඩම්බරය කියන්න තව වචන නෑ..

Gepostet von ආයුබෝවන් ලක් මවුනි ගරු. – Ayubowan Lak Mawuni Garu am Samstag, 5. Januar 2019

244 views

47 Comments to “බෙලිඅත්ත දුම්රිය මග විවෘත කරන්න ආ ඇමති අර්ජුනට ජනතාව හූ කියති.. මග දෙපස මහින්ද උන්මාදයක්..[Photo/Video]”

  1. JaraMara says:

    Yakow Mage namath Dapiyaw ..
    Oya Wadeta Apith Tax Gewala Thiyenne.

  2. Gemunu Ruhuna says:

    දකුණෙ මිනිහෙක් විදියට ලැජ්ජ හිතුන දවසක්. මේ තරම් දීන මිනිස්සුද දකුනෙ ඉන්නෙ. JR නිදහස් වෙළඳ කලාප තුනක් හැදුව. මහවැලි ජලාශ 4ක් හැදුව. එකකවත් ඒ මිනිහගෙ නම කෙටුවෙ නෑ.

Main News