බෙහෙත් ගන්නවත් සල්ලි නැති වකුගඩු රෝගියෙකුට ආදායම් බදු ගෙවන්නැයි දන්වයි..

August 24, 2018 at 4:40 pm | lanka C news
බෙහෙත් ගන්නවත් සල්ලි නැති වකුගඩු රෝගියෙකුට ආදායම් බදු ගෙවන්නැයි දන්වයි..

කිසිදු ආදායමක් ලැබෙන වකුගඩු රෝගියකුට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බදු ලිපිගොනුවක් විවෘත කිරීමට අයදුම්පත් යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා සඳහන් කරයි.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ලිපියක් යවමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

මෙම රෝගියා විසින් තමනට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ආධාර මුදලක් ඉල්ලා තමන් වෙතද ලිපියක් එවූ බව මන්ත්‍රීවරයා විසින් පවසමින් එම ලිපි පිටපතක්ද යවා තිබේ.

මෙම ලිපියේ පිටපතක් දේශීය ආදායම් කොමසාරිස් වරයාට ද වූ බව මන්ත්‍රීවරයා පැවසීය.

85 views

4 Comments to “බෙහෙත් ගන්නවත් සල්ලි නැති වකුගඩු රෝගියෙකුට ආදායම් බදු ගෙවන්නැයි දන්වයි..”

  1. sakalabujan says:

    ගව, එළු, ඌරු ශුක‍්‍රානු ආනනය තීරු බදු ඉවත් කරයි..

  2. John the baptice says:

    නායකයා 8 පාස් නැතිවීමේ විපාක

  3. Keerthi says:

    Don’t be surprised that a helpless kidney patient has been asked to open a tax file because the President, PM and Finance minister are themselves mental patients.

  4. නිදහස් says:

    මහාපරිමාන ව්‍යාපාරිකයින් අද වන විට කරන්නෙ දේශිය ආදායමේ ඉන්න ලොක්කෙක් අල්ලල උන්ට හොදහැටි මුදලින් සලකන එක. එතකොට බදු ගෙවන්න වෙන්නෙ සොච්චමයි.

Main News