බේබදු පියා තම දරුවන් නිරුවත් කර, ගස් බැද පහර දී මිරිස් කුඩු දමයි…

January 3, 2022 at 10:00 am | lanka C news
බේබදු පියා තම දරුවන් නිරුවත් කර, ගස් බැද පහර දී මිරිස් කුඩු දමයි…

වයස අවු 6 ක පුතා සහ අවු 7 දියණිය ගසක බැද ඇගේ මිරිස් තවරා අමානුෂික ලෙස වද හිංසා පැමිණ වු සැකකාර පියා හැටන් පොලිසිය මගින් (02) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන වද හිංසාවට ලක් වු ළමුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණයක් සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

හැටන් කුඩාගම සමගි මාවතේ පදිංචි සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර , සැකකරු බිමට ඇබ්බැහි වු අයෙකු බවත්,බිමත්ව නිවසට ගොස් බිරිදට පහර දි දරුවන් සිව්දෙනාට මෙවැනි ආකාරයට කෘර ලෙස වද හිංස පමුණවන බවයි හැටන් කුඩාගම ප්‍රදේශවාසින් විසින් හැටන් පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

වද හිංසාවට ලක් වු දරුවන් දෙදෙනාව සැකකාර පියා (02) දින නිවස අසල පිහිටි වෙලදසැලකට යවා ඇති අවස්තාවේ දරුවන් දෙදෙනා පියා විසින් ලබාගෙන එමට පැවසු දේට අමතරව නිවසට දර මිටියක් රැගෙන ඒම සම්බන්ධයෙන් උරණ වු පියා දරුවන් දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස වද හිංසා පමුණවා ඇත.

වද හිංසාවට පමුණ වු දරුවන් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් මුදාගෙන ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් (02) දින රාත්‍රියේ දරුවන් දෙදෙනා පදිංචි නිවසට ගොස් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මිට ප්‍රථම අවස්තා කිහිපයකදිම මෙවැනි ආකාරයට බිරිදට පහර දිම සහ දරුවන්ට අමානුෂික ලෙස වද හිංසා පමුණවිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට අවස්තා කිහිපයකදි අවවාද කර පැමිණිල්ල සම්බන්ධයෙන් සමථයකට පත් වි ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

තම සැමියාගේ වද හිංසා විද දරාගත නොහැකි බිරිද විසින් සැමියාගෙන් වෙන් විමට දික්කසාද නඩුවක්ද ගොනු කිරිමට මේ වන විට පියවර ගෙන ඇත.

එම පවුලේ දරුවන් අවු 4 , 6 , 7 ,8 පසුවන අය වෙති.

එම පවුල දැඩි ආර්ථික අපහසුතා මැද්දේ ජිවත් වන අය බවත්, ඔහුන් පදිංචි නිවසද පහසුකම් අඩු බවත්,සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු (03) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දරුවන් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබෙන උපදෙස් පරිදි ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

33,569 views

5 Comments to “බේබදු පියා තම දරුවන් නිරුවත් කර, ගස් බැද පහර දී මිරිස් කුඩු දමයි…”

  1. භානු says:

    යාපනයේ කොටි කල්ලියේ යුද්ධ කරපු කෙනෙක් වගේ.

  2. කැපුවත් පොහොට්ටුවට says:

    දෙමාපියන් දරුවන්ට ගහන්නෙ හදාගන්න. බටහිරෙන් ආපු මෝඩ සිරිතක් නිසා දැන් පොලිසි යනව ගුරුවරු ගැහුවත් දෙමාපියෝ ගැහුවත්. අපිනම් අද හිරේ නොයා යහපත් විදියට ඉන්නෙ දෙමාපියො ගුරුවරු ගහපු නිසයි.

    • devaka says:

      මේ විදිහටම ගස් බැඳලා මිරිස් කුඩු තවරලා ඔයාටත් තාත්තා ගැහුවාද?

  3. sunimal says:

    සුද්දා අපට තෑගි දුන්න (මත්පැන්) දැන් කොහොමද පිළිතුර? අපේ මෝඩයෝ මේවා දැනගනත් තවත් බොනවා මුන් ගැන කනගාටුයි ලැජ්ජයි.

  4. Love nature says:

    මධ්‍යසාර ශරීරගත වීමේදී සිදුවන්නේ කුමක්ද?

    මධ්‍යසාර සුළු හෝ වේවා අධි හෝ වේවා කුමන මාත්‍රාවක් වුවත් ශරීරගත වූ විට මුලින්ම ආමාශය සහ අන්ත්‍රවලට උරාගන්නවා. ඉන්පසු එය රුධිරය මගින් අක්මාවට ගමන් කරනවා. අක්මාවේදී විවිධ සංඝටකවලට බෙදී පරිවෘත්තිය ක්‍රියාවලියකට භාජනය වන අතර එහිදී විෂ සහිත අතුරු ඵල නිපදවෙනවා. අධි මාත්‍රාවක් නිරන්තරයෙන් ගැනීමෙන් ඉක්මනින් අක්මාවට හානි විය හැකිය.

    මධ්‍යසාර ශරීරගත වීමෙන් අක්මාවට හානි සිදු වී එම ක්‍රියාවලිය එතැනින් නවතින්නේ නෑ. ශරීරයේ සමස්ත ඉන්ද්‍රීය පද්ධතියටම කරන බලපෑම විග්‍රහ කළොත්?

    මධ්‍යසාර සුළු හෝ අධි මාත්‍රාවෙන් කාලාන්තරයක් ශරීරයට ඇතුළු වීමෙන් මොළයට හානි සිදු වෙනවා. එනම් මොළය දිය වී කුඩා වෙනවා. ඒ වගේම මොළය පිටුපස කොටස ක්ෂය වීමක් සිදුවිය හැකියි. තවද පාදයේ ස්නායු දුර්වල වීම, දෙඇස් මුළුමනින්ම අන්ධ වීම, වකුගඩු නරක් වීම, හෘද වස්තුව ඉදිමීම ආදී වශයෙන් සෑම ඉන්ද්‍රියකටම විවිධ බලපෑම් ඇතිකර වනවා. මධ්‍යසාරවල අඩංගු මෙතනෝල් වැනි ඇතැම් සංඝටකවලින් මානසික ආබාධ ඇතිකරවිය හැකියි.

    කෑම අරුචිය, අත් පා ඉදිමීම, බඩ පුරවා දැමීම, ඇස් කහ පාට වීම යන රෝග ලක්‍ෂණවලට අමතරව අක්මාව, ආමාශය වැනි ඉන්ද්‍රියන්ට බරපතල හානි සිදු වී ඇති විට ලේ වමනය, කළු පැහැයෙන් මළ පිටවීම ආදී ලක්‍ෂණ පහළ වෙනවා. අක්මාව තුළ පීඩනය වැඩිවන විට ලේ නහර පිපිරීමෙන් තමයි මෙවැනි තත්ත්වයක් මතුවන්නේ.
    ඒ වගේම මෙහි බරපතල අවදානම වන්නේ මෙම සියලු රෝග ලක්‍ෂණ පහළ වීම සිදුවන විට අක්මා සෛලවලින් සියයට හැටක්ම විනාශ වී තිබීමයි.
    අරක්කු බොන අයත් දන්න වචනයක් තමයි “සිරෝසීස්”. නමුත් වෙන්නේ මොකක්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නෑ.
    මධ්‍යසාර නිරන්තරයෙන් ශරීර ගතවූ විට ඇතිවන සුලබම රෝගය තමයි සිරෝසීස්. සිරෝසීස් ඇතිවන්නේ අක්මාවට හානි වීමෙන්. අක්මාවේ පටක සම්පූර්ණ වෙනසකට ලක්වීමෙන් එහි සෛලවලට හානි කරනවා. එවිට සෛල මුළුමනින්ම කෙඳි සහිත පටක බවට පත්වෙනවා. අවසානයේ අක්මා සෛල නැතිව කෙඳි ගොඩක් පමණක් ඉතිරි වෙනවා. එවිට මුළුමනින්ම අක්මාව අක්‍රීය වී එහි ක්‍රියාවලිය මුළුමනින්ම නවතිනවා. මෙය නිට්ටාවට සුව කළ නොහැකි බරපතළ රෝග තත්ත්වයක්.

Main News