බේරුවල රතු කලාපයේ කොරෝනා ආසාදිත කතක් බොරු ලිපිනයක් දී නාගොඩ රෝහලට ඇතුළු වී දරු ප‍්‍රසූතියක.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට..

April 4, 2020 at 11:20 am | lanka C news
බේරුවල රතු කලාපයේ කොරෝනා ආසාදිත කතක් බොරු ලිපිනයක් දී නාගොඩ රෝහලට ඇතුළු වී දරු ප‍්‍රසූතියක.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට..

බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර ඇති 28 හැවිරිදි මවක් පිළිබඳව වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.

අනතුරුව කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළහ.

මෙම ආසාදිත කාන්තාව බිහිකළ බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය .

– lankadeepa

376 views

58 Comments to “බේරුවල රතු කලාපයේ කොරෝනා ආසාදිත කතක් බොරු ලිපිනයක් දී නාගොඩ රෝහලට ඇතුළු වී දරු ප‍්‍රසූතියක.. කාර්ය මණ්ඩලය නිරෝධායනයට..”

  1. කියපු විදියට මේ වහපු ගම් වට කරලා හමුදා පොලිසිය දාල ඇති කියලයි මම හිතුවෙ..නැත්නම් මුං පිස්සු කෙලින එක වලක්වන්න කාටවත් බැහැ..මුංට දවස තිස්සෙ කන බනෙයි, වට ඒලා දකුණු ඉන්දියානු චිත්‍රපටි බලන එකයි, රස්තියාදු ගහන එකයි, පැටව් නෝ කරන එකයි ඇරෙන්න වෙන මුකුත් නැහැ..නිව්ස් එකක් ජීවිතේට බලන්නෙ නෑ.. ලෙඩේ ගැනැවත්, අනතුර ගැනවත් මෙලෝ දැනුමක් නැහැ..සමාජයට අමුම බරක්..

  2. වරදට දඬුවම නියතයි says:

    මේ කාලකන්ණි සමඟ ගනුදෙනුව මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න බැහැ. කොරෝනා වසන්කිරීමට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. එසේ වසන් කරපු අයගේ සහ ඊට සහය දුන් අයගේ දේපල රාජසන්තක කල යුතයි. දේපල නැති අයගේ සමුර්ඩි අධාර ආදී සියලු සහනාධාර නැතිකළ යුතුයි. ඒවාට අමතරව බරපතල වැඩ සහිතව අඩුම වශයෙන් අවුරුදු 5 හිරදඬුවම් ලබාදිය යුතුයි. ඇඳිරි නීති කඩන උන්ට 2″ x 2″ බේත ඉන්දියාවේ ක්‍රමයටම ලබාදිය යුතුයි. අවශ්‍යනම් ස්වෙච්චා ප්‍රහාරක බලකායක් ස්ථාපිත කරමු.

  3. Indika says:

    GOMA …………….. Dr Padeniya / Dr Aluthge …. Karunakarala oba thumanla kade yana para thambi hathikara Jostharalagen ahanna mewata mokada karanne kiyala …

  4. කුණු කිබුල් දන්තයා බේරුවල පල්ලියකට ගියේ කුමකටදැයි සොයා බැලීම වටී.
    අනිවා මු යන්න ඇත්තේ කොවිඩ් පැතිරවීමට උපදෙස් දෙන්න විය යුතුයි.

  5. sena says:

    මම හිතන්නෙ කුරැණැගල දොස්තර ෂාපියා තමයි කියන්න ඇත්තෙ මෙහෙම කරපන් කියලා

Main News