බේස්ලයින් අසලදී දුම්රියක් පීලි පනී.. මැදිරි දෙකක්ම එලියේ..

March 16, 2022 at 6:20 pm | lanka C news
බේස්ලයින් අසලදී දුම්රියක් පීලි පනී.. මැදිරි දෙකක්ම එලියේ..

කැලණිවැලි මාර්ගයේ ගමන් ගත් දුම්රිය අද පස්වරුවේ පීලි පැනීමට ලක්ව තිබේ.

මේ හේතුවෙන් එහි ගමන් ගත් කාර්යාල සේවකයන් ඇතුළු විශාල පිරිසක් අපහසුතාවයට පත්වී තිබේ.

දුම්රිය මැදිරි දෙකක් සම්පූර්ණයෙන්ම දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර ඒ හේතුවෙන් වෙනත් දුම්රියකට මාරු වීමට ද අවස්ථාව අහිමිව ගොස් ඇත.

මෙම පීලිපැනීම සිදුව ඇත්තේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර සහ බේස්ලයින් දුම්රිය නැවතුම්පොළවල් අතර මැද දී ය.

18,940 views
Main News