බේකරි නිෂ්පාදන මිල ඉහලට..
December 30, 2016 at 8:02 am | lanka C news
බේකරි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන සීනි හා ෆාම්තෙල් මිල මෑතකදී විශාල වශයෙන් ඉහළ යාමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තරම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කරන්නේ මේ තත්වය මත පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු ඇති බවත් තම සංගමයට එය පාලනය කල නොහැකි බවත්ය.
ආණ්ඩුව විසින් සීනි මිල ඉහළ නොදමන්නේ යයි කියූවද කිලෝවක් රුපියල් 06කින් වැඩි වී ඇතැයිද කී සභාපතිවරයා එය කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇතැයිද කීය.
පහුගිය ආණ්ඩුව කාලේ රු. 130 – 140 ට සීනි තියෙන කාලෙත් ඔයිට වඩා අඩුවෙන් දුන්නා. මේ ආණ්ඩව ඇවිල්ලා රු. 90 ට සීනි අඩුකලා කියලා ඔය දගලන මිනිස්සු බේකරි කෑම මිළ අඩු කළාද? දැන් රු. 6 කින් වැඩි කලා කියලා මිල වැඩිකරන එක සාධාරණද කියලා තව පාරක් හිතන්න ඔනේ නේද?
මෙවැනි ආයතන ඔවුන් ගේ මිළ වැඩිවීම් ගැන කරැණු දැක්වීම් වැරදියි.
මිළ වැඩි වෙන්නෙ සීනි හෝ පිටි හෝ වැඩි වීම මතම නොවේ. නිශ්පදනය හා බැඳුන අනෙත් දේවල් රාශියකගෙ බලපෑමෙන්.
දැන් බැංකු ණය පොලිය හිටු කියල වැඩි වෙනව. සේවක පඩි වැඩි කරන්න වෙනව. ටැක්ස් විවිධ මට්ටම් වලින් වැඩි වෙනව. විදුලි බිල හා ජල බිල්. ගෑස් වලින් පුච්චන අයට නම් බල ශක්තියෙ යම් සහනයක් ලැබුන.
අයිති කරු හා දරුවන් ගේ ජීවන වියදම් වැඩි වීම නිසා ආදායම වැඩි කර ගන්නත් වෙනව. ඒනිසා මිළ වැඩි කරන්නත් වෙනව.
එමෙන්ම රටේ ආර්ථිකය අඩාල වෙනවිට පරිභෝගිකයින් ගේ වියදම් කිරීමේ හැකියාව අඩු වෙනව. එවිට ව්‍යාපාරයේ පිරිවැටුම අඩූ වෙලා ලබන ලාබයත් අඩු වෙනව ට. නමුත් පඩි නඩි ඒ ගානම ගෙවන්න වෙනව. නමුත් මිල තවත් වැඩි කලොත් නිශ්පාදනය විකිණීම තවත් අඩු වෙන්න පුලුවන්.
මේක විසඳුමක් හිතා ගන්න බැරි උගුලක්. බොහෝ අය මේ උගුලේ හිරවෙලා ඉන්නේ මේ වෙනකොට.
විසඳුම් දෙන්න ඕන පාලකයින්. රටේ ජනතාවගේ ආදායම් මට්ටම් , ආර්ථ්කය ඉහල නංවා.
නමුත් වෙන්නෙ අනිත් පැත්ත.