බේකරි නිෂ්පාදන වතුකරයට බෙදා හැරිමේ වැඩසටහනක් දියත් කෙරේ….

March 28, 2020 at 2:06 am | lanka C news
බේකරි නිෂ්පාදන වතුකරයට බෙදා හැරිමේ වැඩසටහනක් දියත් කෙරේ….

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග යලිත් පනවා ඇති ඇදිරි නිතිය හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වතුකරයට සහ ගම්මාන වලට බෙදා හැරිමේ වැඩසටහනක් හැටන් බේකරි හිමියන්ගේ සංගමය විසින් (27) දින සිට ආරම්භ කර ඇත.

සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන කර ත්‍රිරෝද රථ මගින් වතු කම්කරුවන් වෙසෙන ප්‍රදේශවලට සහ ගම්මාන වලට රැගෙන ගොස් රජයේ පාලන මිලටම පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ලබා දිමට එම සංගමය කටයුතු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

139 views

One Comment to “බේකරි නිෂ්පාදන වතුකරයට බෙදා හැරිමේ වැඩසටහනක් දියත් කෙරේ….”

  1. Gayan says:

    අනිත් එක මේ පළාත්වල මේ දුප්පත් මිනිස්සුන්ට whatsapp ,viber හැමෝටම නෑ , phone call දීල order දාන්න.
    හමුදව ලවාවත් පොඩි එළවලු පාර්සලයක්, පාන්පිටි packet එකක් වත් බෙදා හරින්න පුලුවන්නම් රොටියක් කාල හරි අල්ලන් ඉන්න පුළුවන් ටික දවසක් ඇඳිරිනීතිය ඉවත් වෙනකන්.