බේකරි හා ආපන ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක්…
May 26, 2022 at 2:06 am | lanka C news
පසුගිය දිනවල තිරිගු පිටි , ගැස් ,සහ ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ බේකරි නිෂ්පාදන වල අලෙවිය අඩු වි ඇති බවත්, ආපනශාලා වල ආහාර ගැනිමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් පවතින බව එම කර්මාන්තය පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් කියා සිටියි.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගත වු මාස කිහිපය තුල අවස්තා කිහිපයකදි වැඩි විම සහ බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන අමු ද්‍රව්‍ය මිල වැඩි විම හමුවේ අලෙවිය මේ වන විට ඉතා පහත වැටි එම කර්මාන්තය වසා දැමිමේ අවධානමකට පත් වි ඇති බව බේකරි හිමියන් කියා සිටින්නේ.
මේ අතර ආපනශාලා හිමියන් කියා සිටින්නේ දැනට පවතින ගැස් අර්බුධය හමුවේ සහ පිටි මිල ඇතුළු ආපනශාලා වලට ආහාර ද්‍රව්‍ය පිළිවෙල කිරිම සදහා භාවිතා කරන සහල් ඇතුළු ද්‍රව්‍ය කිහිපයකම මිල ඉහල යාම හමුවේ පිලියෙල කරන ලද සැම ආහාර ද්‍රව්‍යකම මිල ඉහල යාම හමුවේ තම වෙලදසැල් වලට පාරිභෝගිකයන් පැමිණිමේ විශාල අඩුවක් ඇති බවයි ආපනශාලා හිමියන් කියා සිටියේ.
ආපනශාලා වල සේවය කරන සේවකයන්ගේ පඩිය , කඩ කුලිය , විදුලි සහ ජල බිල්පත් ගෙවිමේදි තමන් එම ව්‍යාපාරයෙන් කිසිදු ආදායමක් නොලැබිම හමුවේ එම ව්‍යාපාරයද වසා දැමිමට සිදු වන බව හැටන් නගරයේ ආපනශාලා හිමියන් වැඩිදුරටත් පැවසිය.
– රංජිත් රාජපක්ෂ
ඇත්තටම පාන් මිල ඉහල දැම්මට බර තත්ත්වය අඩුවුනා .පාන් රාත්තල කියල දෙන්නේ ග්‍රෑම් 300-350.ඊට වැඩිය බොහෝ ලාභයි හාල් හෝ නූඩ්ල්ස් ගෙදර පිලියෙල කිරීම. වෙලෙන්දන් ගසාකෑම තමා වෙලඳාම අඩුවීමට ප්‍රධාන හේතුව. ආපනශාලා වල කෙටිකෑම මිල ජපානයේ මිල වගේ.තත්ත්වය බලු වෙලා… හොයල බලල හදාගන්න.
mun mathka ethithak kiyanne oya bile habai bekary weda
අප පරිසරයේ ඇති ස්වාභාවික දේවල් කන්න අපි හැමෝම පුරුදු වෙමු. පිටි කෑම වෙනුවට අල වර්ග,කොස්,දෙල් පොල්,කටිට සමිබෝල හෝ පොල් සමිබෝල සමග කොතරමි රසවත් කෑමද.අපිට තෝරාගැනීමට බොහෝ දැ ඇත.