බේරුවල පොහොට්ටු මන්ත‍්‍රීන් මුලදට බාන කුමන්ත‍්‍රණයක්.. අන්ත පරාජිත ඇමති සල්ලි ගස් හොලවයි..

March 26, 2018 at 10:40 am | lanka C news
බේරුවල පොහොට්ටු මන්ත‍්‍රීන් මුලදට බාන කුමන්ත‍්‍රණයක්.. අන්ත පරාජිත ඇමති සල්ලි ගස් හොලවයි..

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රබල පරාජයකට පත් වූ බේරුවල නගර සභාවේ බලය පිහිටුවීම සදහා විශාල වශයෙන් මුදල් වියදම් කර මන්ත‍්‍රී පිරිසක් බා ගැනීමේ උත්සාහයක් ක‍්‍රියාක්මක වන බව එම නගර සභාවට තේරී පත් වූ සභිකයෝ කියති.

ප‍්‍රබල ඇමතිවරයෙකු හරහා ක‍්‍රියාත්මක වන මෙම වැඩපිලිවෙලේදී එක් මන්ත‍්‍රිවරයෙකු සදහා කෝටිකට ඉහල මුදලක් ලබා දීමට යෝජනා වී ඇති බවද වාර්තා වෙයි.

රූමි නම් ව්‍යාපාරිකයෙකු හරහා මෙම මුදල් බෙදා දීම සිදු කිරීමට නියමිත අතර දැනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් 6-7 දෙනෙකුටම යෝජනාව ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් ප‍්‍රබල ඇමතිවරයා විසින් නම් කරන පුද්ගලයාට නගරාධිපති ධුරය ලබා දීමට ඔවුන් අකමැති වීමත් සමගින් යම් ගැටළුකාරී තත්වයක් ඇතිව තිබේ.

මේ අතර ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ තම පක්‍ෂයේ තීරණයට පිටින් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු මැතිවරණ කොමිසමට දැන්වීමෙන් පසු ඉවත් කිරීමේ බලය පක්‍ෂ ලේකම්වරයා සතු වන බවයි.

රාජපක්‍ෂලා පරසක්වල ගසා බේරුවල තමන් ඉහලින්ම දිනන්නේ යයි දිවා රැයේ පුරසාරම් දොඩවා අන්තිමේ මහජන ඡන්දයෙන් අනත්න පරාජයට ලක්වීමේ අවමානයෙන් යන්තමන් හෝ ගැලවීමට සිතා පරාජිත ඇමතිවරයා විසින් මෙම කටයුතු සූදානම් කරමින් ඇති බවද තතුදත් ආරංචි මාර්ග කියයි.

94 views

6 Comments to “බේරුවල පොහොට්ටු මන්ත‍්‍රීන් මුලදට බාන කුමන්ත‍්‍රණයක්.. අන්ත පරාජිත ඇමති සල්ලි ගස් හොලවයි..”

  1. Asaranaya says:

    ඩෙන්ඟු පීච්ඩී උපාධිදාරි කුණු දත් අමන පාරාජිතයාගෙ අමන වැඩකිච, ඒකාව තවත් බලුවෙයි

  2. Yasmin says:

    අනේ එතකොට ගාල්ලේ මීග්ස්මුවෙ ගල්කිස්සේ සල්ලි නෙමේ

  3. beruwala suwadina api says:

    Apiwa salliwalata ganne beha ragitta ragitta sallidune Apihamadama rajitha higanna

  4. kumara says:

    නැවු 7න් සල්ලි අදිනවා කියලා අාරංචියි !!!!

  5. jkkmohammed says:

    oya helavena salli gas wala thiyenne MAHAJANA MUDAL

  6. indunil says:

    kunu deshapaalana balu porayata yata una rata……..

Main News