රාවණ බලය-බොදු බලය සටන් වදී.. විග්නේෂ්වරන්ගේ වැයික්කියේ විරෝධතා අරඹති…

September 29, 2016 at 12:40 pm | lanka C news
රාවණ බලය-බොදු බලය සටන් වදී.. විග්නේෂ්වරන්ගේ වැයික්කියේ විරෝධතා අරඹති…

රාවණ බලය, බොදු බල සේනා, සිංහලේ ජාතික බලමුළුව ඇතුළු සංවිධාන කිහිපයක් විසින් හෙට දිනයේ වවුනියාව නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම විරෝධතාවේ අරමුණ උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේශ්වරන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවස්ථා විරෝධී ජාතිවාදී වැඩපිලිවෙලට විරෝධය දැක්වීමයි.

උතුරු හා නැගෙනහිර දෙපළාතේ සුළු ජනවර්ගය වන සිංහල බෞද්ධයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද තමන් පෙනී සිටන බව සංවිධායකයෝ පවසති.

මෙම විරෝධතාවය හෙට උදේ 9.00 වවුනියාව මාමඩුව හංදියේදී පැවැත්වෙයි.

233 views
Main News