බොදු බල සේනාව පෝෂණය කලේ නෝර්වේ රටයි..

March 11, 2018 at 1:20 pm | lanka C news
බොදු බල සේනාව පෝෂණය කලේ නෝර්වේ රටයි..

බොදු බල සේනා සංවිධානයට මුදල් දී පෝෂණය කරන ලද්දේ නෝර්වේ රාජ්‍ය විසින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

හලාල් ප‍්‍රශ්නය මතු කරන්නේ එක්තරා අන්තවාදී සංවිධානයක් බවත් එමගින් අමාරුවේ වැටුනේ ශ‍්‍රී ලංකික අපි සියළු දෙනා බවත් මන්ත‍්‍රිවරයා කීය.

ශ‍්‍රී ලංකාව තවමත් පවතින්නේ ශ‍්‍රී ලාංකික ලෙස එක්සත් නොවුන රටක්ලෙස යයි ඔහු වැඩි දුරටත් පැවසීය.

77 views

19 Comments to “බොදු බල සේනාව පෝෂණය කලේ නෝර්වේ රටයි..”

  1. chris says:

    එතකොට උඹලව පෝෂණය කලේ කව්ද?

  2. sayumi says:

    වාසු මොනව කිව්වත් නැතත් ඥානසාර සාදු පිටි පස්සෙ නෝර්වේ ඉන්නව. උන්වහන්සේ දුරදිග නොබලා කරන සමහර වැඩ නිසා පාඩුවෙන්නෙ සිංහල බෞද්ධයාටමයි. සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කරන්න මේ රටේ බෞද්ධ උරුමය රැකගන්න මහසංඝරත්නය රිජුව ඉදිරිපත් වෙනවා නම් මෙවැනි බලවේග ඇතිවෙන්න තියෙන ඉඩ නැතුව යනවා. ජේතවනාරාමය පිහිටි භූමියේ කොසොල් රජු අල්ලස් ගෙන නිඝන්ඨයින්ට ආරාමයක් හදන්න ඉඩ දුන් වෙලාවෙ අපේ බුදුන් වහන්සේ මේ ගැන කරුණු කියන්න ස්වාමින් වහන්සේලා රජු මුණගැසෙන්න පිටත් කලා. ඒත් කොසොල් රජු උන්වහන්සේලා මඟ හැරිය නිසා බුදුවහන්සේම රජ මුණගැසී මේ ක්‍රියාව නැවැත්වූවා.

Main News