බොන්න වතුර නැති වැසියන්ට මත්පැන් අලෙවිසැලක් දමා දෙයි..

April 20, 2019 at 8:02 am | lanka C news
බොන්න වතුර නැති වැසියන්ට මත්පැන් අලෙවිසැලක් දමා දෙයි..

කිලිනොච්චිය පෙරිය පරන්තන් ගම්වාසීන් පිරිසක් විසින් ප්‍රදේශයේ ඉදිකෙරෙන මත්පැන් අලෙවිසැලකට විරෝධය පාමින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මෙම විරෝධතාවයට පරන්තන් ග්‍රාම සංවර්ධන සමිති නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ මේ දිනවල ජනතාවට බීමට ජලය නොමැති අවස්ථාවක මත්පැන් අලෙවිසැලක් ඉදිකිරීම තුලින් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයන්ට පත්වන අතරම මත්පැනට ඇබ්බැහි වීමෙන් බොහෝ පවුල් ආරවුල් ඇති වීමට ඉඩඇති බැවින් වහාම අදාල මත්පැන් හලට ලබා දී ඇති අවසරය අවලංගු කරන ලෙසටය.

එමෙන්ම අසල පාසලක්ද පිහිටා ඇති අතර මත්පැන් අලෙවිසැලක් ඉදිවන්නේ නම් පාසල් ළමුන්ටද එය දැඩි ලෙසින් බලපාන බැවින් වාහාම අදාල බලපත්‍රය අහෝසි කළ යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ 

10,978 Viewers

2 Comments to “බොන්න වතුර නැති වැසියන්ට මත්පැන් අලෙවිසැලක් දමා දෙයි..”

  1. Nim says:

    ” HODA WADEE. “

  2. SL says:

    ඉස්සරනම් අරක්කු පේරුවේ ගමේම ඉන්න පාදඩය ,දැන් ඒ පාදඩයෝ මනාපේ පිහිටෙන් පාර්ලිමේන්තු ගිහිල්ල .ඊළඟ පාර චන්දෙට අරක්කු කාරයින් චන්ද ලැයිස්තුවට නොදමනු ! ගෝටා ඔබගේ පිහිටයි !

Main News