බොබැල්ලේ දී පමණක් හමුවන සුව්ශේෂි බිනර ශාක පද්ධතියට ගින තබා විනාශ කරයි..

August 7, 2017 at 2:05 am | lanka C news
බොබැල්ලේ දී පමණක් හමුවන සුව්ශේෂි බිනර ශාක පද්ධතියට ගින තබා විනාශ කරයි..

මාතලේ දිස්ත‍්‍රික්කයේ , නාඋල – බොබැල්ල ප‍්‍රදේශයේ දී පමණක් හමුවන සුවිශේෂි බිනර ශාක පද්ධතිය කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර තිබේ.

1986 වසරේ දී පේරාදෙනිය උද්භිත උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් මුල් වරට මෙම බිනර ව්‍යාප්තිය සොයාගෙන ඇත.

2012 රතු දත්ත පොතට අනුව බොබැල්ලේ දී හමුවන මෙම බිනර ශාකය ද ව`දවී යාමේ තර්ජනයට ලක්වු ශාකයකි.

ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාට අනුව දැනට ශ‍්‍රි ලංකාවේ බිනර විශේෂ අටක් දක්නට ලැබෙන අතර ඉන් හයක්ම වදවි යෑමේ තර්ජනයට ලක්ව ඇත.

නිල් පැහැති පෙති හතරකින් යුතු බොබැල්ලේ දී හමුවන බිනර ශාකය උසින් සෙන්ට් මීටර් 30 පමණ වේ.

බොබැල්ලේ දී හමුවන බිනර ව්‍යාපෘතිය ආසන්නයේ ජීවත් වන ඊ.ඩබ්ලිව්.ජී. ලීලාවති (55) කියා සිටියේ අවට ජනතාව බිනර ශාකය පිළිබදව නොදන්නා කමින් විවිධ විනාශයන් සිදුකරන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ලීලාවති මහත්මිය මෙසේද සදහන් කළාය.

‘මගේ ගේ අවට වගේම කුඹුරෙත් මේ බිනර මල් පිපෙනවා දැන්දම් පෑවිල්ල හින්දා සේරම මැරිලා ගිහිල්ලා. මගේ ඉන්න තැන උනත් දෙනවා මේ ශාක ආරක්ෂාකරන් වැඩපිළීවලක් කවුරුහරි යොදනවා නම්.

ඒ තරම්ම මම මේ මල් වලට ආදරෙයි. එක එක කට්ටිය එනවා පැල ගලෝගන යන්නත් මම කවදාවත් දෙන්නේනෑ. මැයි මාසේ වෙනකොට මේ පැත්තම පුදුම ලස්සනයි. එක යායට බිනර මල් පිපෙනවා. මමත් මේ මල් ගැන දැනගෙන හිටියේ නෑ. පත්තරෙන් තමයි දැක්කේ අපේ ඉඩම් වල මෙච්චර වටිනා මල් වර්ගයක් තියෙනවා කියලා. පස්සේ සිරිල් විජේසුන්දර මහත්තයා ඇවිල්ලා බලලා කීවා මේ බිනර මල් කියලා.

මේ මල් ගලවාගෙන ගියත් ඇට අරන්ගියත් කිසිම තැනක පැවවෙන්නේ නෑ. මම හිතන්නේ බොබැල්ලටම අෙවිනිකයි කියලා සිරිල් මහත්තා කිව්වේ ඒ හින්දා වෙන්න ඇති.’ යැයි ද සදහන් කළේය.

බොබැල්ලේ බිනර ශාකය සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකල මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ ක‍්‍රියාකාරි සමාජික පරිසරවේදී ප‍්‍රදීප් සමරවික‍්‍රම මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කියා සිටියේ නාඋල නගරයට ආසන්නයෙන් බොබැල්ල ප‍්‍රදේශයේදී හමුවන ‘එක්සකම් පෙඩන් කියුලාටා ’යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන බිනර ශාකය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

වසර ගනනාවක් තවත් පරිසර සංවිධාන රැුසක් සමග එක්ව සිදුකල ස්ථානීය පර්යේෂණ වලට අනුව මෙම පරිසර පද්ධතිය ඉතා සංරක්ෂණය කළ යුතු බව ප‍්‍රදීප් සමරවික‍්‍රම මහතා කියා සිටියි.

මේ වන විටත් ප‍්‍රදේශයේ බිනර පද්ධති බහුල ප‍්‍රදේශය ගිනි තබා විනාශ කර ඇති බවත් එම ප‍්‍රදේශයේ බිනර බීජ ලක්ෂ ගනනක් ගින්නෙන් දැවී ඇති බවත් හෙතෙම ස`දහන් කළේය.

ලංකාවට සුවිශේෂි පරිසර පද්ධතියක් වන බොබැල්ල බිනර ව්‍යාප්තිය පරිසර අමාත්‍යංශ බාර ජනාධීපතිවරයාගේ කඩිනම් අවධානයට යොමුවිය යුතු බවත් එසේ නොවන්නට බොබැල්ලේ දී පමණක් හමුවන මෙම බිනර විශේෂ ඉතා ඉක්මනින් විනාශ වී යනු ඇතැයි ද ප‍්‍රදීප් සමරවික‍්‍රම මහතා සදහන් කළේය.

– ඉන්දික අරුණ කුමාර

207 views

One Comment to “බොබැල්ලේ දී පමණක් හමුවන සුව්ශේෂි බිනර ශාක පද්ධතියට ගින තබා විනාශ කරයි..”

  1. Critic says:

    Send this artical to him otherwise he doesn’t know what’s happining to the country.we’ve such a President.

Main News