බොම්බ බියකින් බගවන්තලාව ශාන්ත මේරිස් විදුහලේ සිසුන් ඉවත් කරයි.. STF දැඩි පරික්ෂාවට…

October 16, 2019 at 6:48 pm | lanka C news
බොම්බ බියකින් බගවන්තලාව ශාන්ත මේරිස් විදුහලේ සිසුන් ඉවත් කරයි.. STF දැඩි පරික්ෂාවට…

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් දමිල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක් තුල සැක කටයුතු පාර්සලයක් මත බොම්බයක් ඇති බවට පැතිර ගිය බොරු ප්‍රචාරයක් හේතුවෙන් වහා කලබල වු එම පාසලේ සිසු සිසුවියන්ව අද (16) පාසලින් ඉවත් කර ගැනිමට සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කටයුතු කර තිබුණි.

අද දහවල් 12.30 ට පමණ දෙමව්පියන් පාසල වෙත දිවගොස් ගුරුවරුන්  සමග සාකච්ඡා කර එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 1500 ආසන්න පිරිසක් ඉවත් කර ගැනිමට කටයුතු කර තිබුණි.

පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ පොලිස් සුනඛයෙකුගේද සහයෝගය ඇති ව අද පස්වරුවේ සෙන් මේරිස් විදුහලේ ගොඩනැගිලි සියල්ල දැඩි පරික්ෂාවට ලක් කල අතර එහිදි සැකකටයුතු කිසිදු පුපුරන ද්‍රව්‍යයක් නොතිබුණු බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂ ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බොම්බ බියක් ඇති කර බොරු ප්‍රචාර සිදු කල අය අත්අඩංගුවට ගැනිමට බගවන්තලාව පොලිසිය විසින් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,998 Viewers

2 Comments to “බොම්බ බියකින් බගවන්තලාව ශාන්ත මේරිස් විදුහලේ සිසුන් ඉවත් කරයි.. STF දැඩි පරික්ෂාවට…”

  1. Gotaimbara says:

    CIA has started work. They are good in scaremongering innocent people

  2. සරා says:

    මිනිස්සු නිකන් බය ‌ෙවෙන්නේ නැහැ.‌ෙමොනවා හරි විනාශයක් වුනාම රජය අපි දන්නේ නැ ඒනිසා වගකීම නිළදාරින් ගන්න ඔින කියලා.ඉතින් එහෙම රජයක් ඉන්න ‌ෙකොට ‌ෙමෙිරටෙි ජනතාව කටකතාවටත් බයයි.

Main News