බොරතෙල් 41%ක් බැහැලා.. පෙට‍්‍රල් 80ට, ඩීසල් 61ට අඩු කරනු.. නැතොත් මහ පාරේ අරගල කරනවා..

March 12, 2020 at 6:23 am | lanka C news
බොරතෙල් 41%ක් බැහැලා.. පෙට‍්‍රල් 80ට, ඩීසල් 61ට අඩු කරනු.. නැතොත් මහ පාරේ අරගල කරනවා..

අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් 41% කින් මිල පහළ ගොස් ඇති නිසා මෙරට වෙළඳපොලේද ඉන්ධන මිල 41% කින් වහාම පහත දමන්නැයි හිටපු විපක්ෂ නායක සහමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.

පිටකෝට්ටේ තම පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ මෙරට වෙළඳ පොළේ පෙට‍්‍රල්,ඩීසල්,භූමිතෙල් පමණක් නොව ගෑස් මිලද අඩු කල යුතු බවයි.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 94ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 80ක්, ඩීසල් ලීටරයක් 61ක්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 77 දක්වාත් අඩු කල යුතු බවද ඔහු පැවසීය.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කට අඩුවෙල් ලබාදිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

රජය විසින් මේ ආකාරයට ඉන්ධන මිල අඩු නො කරන්නේ නම් ඊට එරෙහිව පාරට බැස අරගල කර එම අයිතීන් දිනා ගැනීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

193 views

34 Comments to “බොරතෙල් 41%ක් බැහැලා.. පෙට‍්‍රල් 80ට, ඩීසල් 61ට අඩු කරනු.. නැතොත් මහ පාරේ අරගල කරනවා..”

  1. Chamodi says:

    මෙයාගෙ කටට හරියන්න මොලේකුත් තිබුනානම් හරිම වටිනවා

  2. ලොලිපොප් මොංගල් says:

    ආණ්ඩුව ඉල්ලපු මුදල් අනුමත කලානං ඔය කියන ගානට තෙල් දෙන්න තිබුනා. දැන් ඔය ලැබෙන ලාබය වියදම් වෙන්නේ ඒ අඩුව පියවා ගන්න. බොල රදාබූරු පුතෝ උඹ කොච්චර කෑ ගැහුවත් මිනිස්සු උඹව අගමැති කරන්නේ නැහැ. මොකද උඹ කෑ ගහන්න කෑ ගහන්න උඹේ අඩුව පේනවා. පිරුණු කළේ දිය නොසැලේ කියන එක සිහි කරගනිං.

  3. vishnu says:

    මෝඩ කම කොච්චරද කියල
    හිතාගන්න පුළුවන්

  4. salpk says:

    thel mila adu karala bas gasthu threeweel gasthu pasel prawahana gasthu yana me siyalla adukaranney ekata nokiyanne manda?

  5. john the baptice says:

    දුප්පත් ජනතාවට ඉන්න කුකුල් ගෙවල් හදාපු සජිත්ට මේ ගැන කථා ක‍රන්න අයිතියක් නැහැ

  6. Lol says:

    Gono mewelawe minissu ek thanata ekathu karana eka harida? Kamak naha corona nisa hari kapuwath kola set eka marunama apita rqta hadagena inna puluwan

Main News