බොරතෙල් නෑ.. සපුගස්කන්ද පිරිපහදුව වසා දැමේ.. නැවක් එන්නේ ලබන මාසේ..

November 14, 2021 at 6:20 pm | lanka C news
බොරතෙල් නෑ.. සපුගස්කන්ද පිරිපහදුව වසා දැමේ.. නැවක් එන්නේ ලබන මාසේ..

පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට වසා දැමීමට තීරණය කර තිබේ.

බොරතෙල් ටෙන්ඩරවලට ඉල්ලුම්කරුවන් නැතිවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ. එම පිරිපහදුවේ උසස් නිලධාරියෙක් මේ බව තහවුරු කරයි.

පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් තෙල් පිරිපහදුව වසා දමන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.

බොරතෙල් රැගත් නැවක් මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස තුන්වැනි සතියේය.

ඒ වන තෙක් බොරතෙල් පිරිපහදුව වසා දැමීමට සිදු වනු ඇතැයි තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කියා සිටියි.

එම නැවෙන් ගෙන එන බොරතෙල් ප්‍රමාණවත් වන්නේ දින පහළොවකට පමණක් නිසා නැවතත් ජනවාරි මස මැද නැවක් පැමිණෙන තෙක් පිරිපහදුව වසා දැමීමට සිදුවුනු ඇත.

කෙසේ වෙතත් පිරිපහදු කල තෙල් මිලට ගැනීම හේතුවෙන් මෙරට තෙල් හිගයක් ඇති නොවනු ඇතැයිද බලශක්ති ඇමතිවරයා මීට දින කිහිපයකට පෙර අප වෙත පැවසීය.

57,616 views

13 Comments to “බොරතෙල් නෑ.. සපුගස්කන්ද පිරිපහදුව වසා දැමේ.. නැවක් එන්නේ ලබන මාසේ..”

  1. sam says:

    meka nisa wana paduwa kopamanda ?

    • Susantha says:

      පිරිපහදුව වසා දැමීම රටට වාසි සහගතයි, අපේ ආර්ථිකය විනාස කරන තවත් එක සුදු අලියෙක් තමා ඕක, ප්‍රබාකරන් කොලොන්නාවට මුතුරාජවෙලට බෝම්බ දැම්මත් පිරිපහදුවට ගහන්න උත්සාහ නොකලේ ඒකෙන් අපේ රටට පාඩු සිදුකරන නිසයි, පිරිපහදු කරපු තෙල් වරායට එනකොට තියෙන (FOB) මිලට වඩා රු 20 ක් පමන ලීටරයකට වැඩී

  2. No_Imports says:

    ඇයි ඔයා හිනාවෙන්නේ?
    මෙහෙමද රටක් පාලනය කරන්නේ?
    සෑම දෙයකම හිඟය.

  3. Gamarala says:

    මුන් සියලු දෙනාම ආඩි 7 දෙනාගේ කැද හැලිය සමානයි.

    • Alapaluwa says:

      කවදාවත් නොඇසූ,නෝදුටු ඉතාමත් අර්බුද තත්වයකටයි රට ගමන් කර ඇත්තේ මෙය ඉතාමත් ශෝකාජනකයි.කවුද මෙයට වගකිවයුත්තේ? පසුගිය කාලයේ කෝවිඩ් වියසනය එහේතුකොටගෙන ඉතාමත් පහළ මිළකට තෙල් විකුණනු ලැබුවා අතිරේකයක් තිබුණා නමුත් එවැනි අවස්ථාවේදී අපිට තෙල් මිළටගෙන ගබඩා කිරීමට තරම් ටැංකි ප්‍රමාණයක් තිබුණත් ත්‍රිකුණාමලයේ තිබුණු ටැංකි ටික ඉංදියාවට විකුණනු ලැබීමෙන් එයත් අහිමිවී ගියා. නමුත් එවකට ගත් තෙල්වලින් උපරිම ලාබයක් රජය ගත්තත් එය පාරිභෝගිකයාට කවදාවත් හිමිවුයේ නැහැ. පවතින රජය කළේ ඒ උපයන ලාබයෙන් එවුන්ගේගේ වෙනත් ඔනෑඑපාකම් පිරිමසා ගත්තා අන්තිමට තෙල්මිල ක්‍රමයෙන් ඉහළ යනවිට එයත් පාරිභෝගිකයාගේ කරමතටම පැටවුවා.මේවා මහා අසාධාරණ ක්‍රියා, මෙම එහේතුවෙන් අද රටේ ජනතාව ඉතාමත් අසරණ අන්ත දුගී තත්වයකට ඇද දමා තිබෙන්නේ පවතින රජය. එමනිසා මේ දුස්‍යවූ පළකයින්ගේ රජය තව නොබෝදිනකින් කඩා වැටෙනවා ඒකාන්තයි අන්න එදාට ඔය දැන් පුරසාරම් දොඩවන දුස්‍ය පළකයින්ට යන්න, හැංගෙන්න, තැන් සොයාගන්න වේවි ඉතා ඉක්මණට මොකද රටේ ජනතාව බලා සිටිනවා එවුන්ව සාදරයෙන් පිළිගන්න.Alapaluwa from SA

      • ළූණු බන්ධුල (සුදු) says:

        Alapaluwa from SA වැනි අඳබාල හාල්පාරුවන් මෙතන නටා වැලපී ගෙනෙනා ලද අති උත්කර්ශවත් රජය!
        අනර්ඝයි Alapaluwa from SA අනර්ඝයි.
        තොපි වැනි ගඳයින් නොදන්නා දේ ‘හරිම හොඳයි’ කියා ප්‍රවර්ධනය කිරීමේ ආදීනව අපි අද අත්විඳිමින් සිටිමු.

      • Alapaluwa from SA පව්! says:

        2019 තමන්ගේ අම්ම ත්තාත්තගේ සොහොන හොරකම් කරපු සල්ලිවලින් හදපු බව දැනදැන රටේ සල්ලි මහාපරිමනෙන් හොරකම් කරපු උන් බව දැන දැන උන්ගේ නඩුටික අයින් කරගන්න උන්ව බලයට එන්න හදනකොට ඒකට උඩගෙඩි දීලා අද මේ රටත් ජනතාවත් අන්ත අසරණ තත්ත්වයට පත්කල Alapaluwa from SA මට ඔබට කියන්න තියන කාරනේනම් ඔබ කරපු මේ මහා පාපකර්මය කිසිදා ගෙවා නිමකල නොහැකියි අද දවසේ බඩගින්නේ ඉන්න දහස්ගනන් මිනිසුන්ගේ කුසගින්නේ තාපයෙන් ඔබ මරණ මංචකයේදී පිච්චීයාවි.

  4. Polgahawela says:

    69 ta Danwath tharum giyoth ratata hodak wi

  5. Ruwan says:

    අපේ “ස” හිටියානම් මෙහෙම වෙන්නේ නෑ..

  6. TikTok says:

    ජනමතය කොළඹ වැටලීමෙන් බේරෙන්න රට Lockdown කරන රාජපක්ෂ උපක්‍රමය සහ ජනතාව කොළඹ වටලා රාජපක්ෂලාව Lockdown කර රට බේරාගන්න කරන අරගලය දැන් කරලියේ

  7. SL Revolution says:

    වත්මන් රාජ්‍ය තුල ශ්‍රී ලාංකිකයන් භයානක හා අනතුරුදායක ලෙස ධ්‍රැවීකරණයකට ලක් වී ඇත.එම ධ්‍රැවීකරණයේ මූලික වශයෙන් ආකාර තුනකි.ආර්තික වශයෙන් පොහොසත් හා පීඩිත-දුප්පත්-අසරණ ධ්‍රැව.සමාජීය වශයෙන් සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමළ ධ්‍රැව. අවසානයේ කී සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමළ ධ්‍රැවීකරණයේ භයානකම දෙය නම් නිජභූමි පදනම් වූ භූමි,පලාත් හා දිස්ත්‍රික්ක පදනම් කරගෙන එකිනෙක ජනකොටස් කෙරෙහි ජනිත වූ අවිස්වාසයන්,බිය,වෛරය සහිතව එම ධ්‍රැවීකරණය වීමයි.මාතෘභූමිය වෙනම රාජ්‍ය වලට කැඩී යාමට මෙම ධ්‍රැවීකරණය හේතු විය හැක. මේ අනතුරෙන් රට ගලවා ගත හැකි එකම මොඩලය සමාජවාදයේ මූලධර්ම මත පදනම් වූ රාජ්‍යයක් පමණි.මන්ද අවුරැදු 73ක් ක්‍රියාවට නැගුණු රාජ්‍ය අසමත් හෙවත් fail බැවිනි.සමාජවාදයේ මූලධර්ම මත පදනම් රාජ්‍යයක් තුල ඉහත කී සියලු ධ්‍රැවීකරණයන් අවමවේ,රටේ භූමිය පොදු රාජ්‍ය දේපල වීම තුල ඉඩම් පිලිබඳ පවුද්ගලික අයිතිය අහෝසිි වී නිජබිම් උන්මාදයද සුව වේ.SL Revolution යනු ලංකාවේ විද්‍යාත්මක,අධ්‍යාත්මික,සාධාරණ “අනාගත විසදුමයි”. එය පසුගිය අවුරැදු 73ක දේශපාලනයට සම්බන්ධයක් නැති හා එහී කොටස්කරුවන් නොවූ,නොවන එමෙන්ම වත්මන් දේශපාලන පක්ෂ,සංධාන හා පෙරමුණු වලට පරිබාහිර වූ නව්‍යමය උපතකි.

  8. බොර දිය says:

    මොකටද ඔය බොර තෙල් . අපිට ඇල්වතුර හොඳයි බොලං !

  9. 0.00069 BIYYO says:

    මුන් සියලු දෙනාම ආඩි 7 දෙනාගේ කැද හැලිය සමානයි.
    කවදාවත් නොඇසූ,නෝදුටු ඉතාමත් අර්බුද තත්වයකටයි රට ගමන් කර ඇත්තේ මෙය ඉතාමත් ශෝකාජනකයි.කවුද මෙයට වගකිවයුත්තේ?

Main News