බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..

November 15, 2021 at 3:05 pm | lanka C news
බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..

අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉන්ධන සැපයුමට ඉන් බාධාවක් නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

බොරතෙල් ආනයනය අත්හිටුවීමෙන් ඉතිරි වන විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ වන පෙට්ට්‍රල් ඩීසල්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, ගෑස් ආනයනය සඳහා යොදවන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

මේ හේතුවෙන් මෙරට ඉන්ධන හිගයක් ඇති වීමේ කිසිදු අවදානමක් නැතැයිද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

මාධ්‍ය හමුවේ දී බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමුවේ ඇයි?

තමන් සැප්තැම්බර් 29 දින අනතුරු ඇඟවූ පරිදි අද දින සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීම සිදු උවද එය රටේ තෙල් සැපයුමට බල නොපාන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (2021.11.15) පස්වරුවේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.

එහිදී ඒ මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය

සැප්තැම්බර් 29 දින අනතුරු ඇඟවූ පරිදි අද දින සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට අපි තීරණය කලා. රට සතු සීමිත විදේශ විනිමය අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට පමණක් යොදා ගැනීමට අවශ්‍ය නිසා තමයි අපි මේ තීන්දුව ගත්තේ. අපේ තෙල් පිරිපහදුව වසර 51ක් පරණයි. එහි ප්‍රතිඵලයක් ලෙස 37% පමණ නිෂ්පාදනය වෙන්නේ දැවිතෙල් සහ නැප්තා. තවත් 19% ගුවන් යානා තෙල්. පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදනය වන්නේ 43%යි.

මේ දිනවල අධික වැස්ස හේතුවෙන් සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 50%කට වඩා ජලයෙන් සිදු කරන්නේ. ඒ නිසා දැවිතෙල් අවශ්‍ය නෑ කියා විදුලිබල අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. ඒ වගේම ගුවන් යානා තෙල් මෙරට නැතිනම් බොහෝ අවස්ථා වල දී ගමන අරඹන ගුවන් තොටුපොලෙන් ලබා ගන්න පුළුවන්. දිගු ගමන් සඳහා පමණයි ලංකාවෙන් තෙල් මිල දී ගැනීමට අත්‍යාවශ්‍ය වෙන්නේ. මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවි තෙල් සහ ගුවන් යානා තෙල් 56%ක් නිෂ්පාදනය වන බොරතෙල් සඳහා සීමිත විදේශ විනිමය වැය කිරීම පාඩුයි. ඒ විදේශ විනිමය පෙට්‍රල් සහ ඩීසල් වගේම ඖෂධ, ආහාර සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට වැය කරන්න පුළුවන්.

පිරිපහදුවෙන් සපයන්නේ සමස්ත පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 14%යි. ඩීසල් අවශ්‍යතාවයෙන් 29%යි. බොරතෙල් ආනයනය කරනවා වෙනුවට මේ ප්‍රමාණයන් ආනයනය කිරීම විදේශ විනිමය කලමනාකරණයේ දී වැදගත් වෙනවා.

මේ දිනවල මේ විදේශ විනිමය අර්බූදයට පිළියමක් ලෙස ඉන්ධන මිල දී ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමට රටවල් ගණනාවක් සමග සාකච්ඡා කරනවා. වත්මන් මිල ගණන් අනුව අපිට මසකට ඩොලර් මිලියණ 350ක් වැය වෙනවා. එය දැවැන්ත මුදලක්. ඔබට මතක ඇති අගමැතිතුමා බංගලි දේශයට ගිහින් ලබාගත් ණය මුදල ඩොලර් මිලියණ 300යයි. චීනයෙන් ලබාගත් ණය මුදල ඩොලර් මිලියන 350යි. ඒ ලබාගන්නා ණය මුදල අපේ එක මසක තෙල් ආනයනයට ප්‍රමාවත් නෑ. දිගින් දිගටම පාඩු ලබන නිසා තෙල් සංස්ථාවට ණයක් ගැනීම දුෂ්කරයි. ඒ වගේම ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතාම පහල මට්ටමක තිබෙන නිසා ණය ගැනීම තවත් දුෂ්කර වී තිබෙනවා. විදේශ විනිමය හිඟය යම් මට්ටමකට සමනය කර ගත් වහාම බොරතෙල් ආනයනය අපි යලි පටන් ගන්නවා. උපරිම වශයෙන් දින 50ක් පමණ පිරිපහදුව වසා දමන්න සිදු වේවි.

සමහරු මාධ්‍ය හමු පවත්වා මෙය රටට බලපාන නැවුම් ප්‍රවෘත්තියක් බවට පත් කරන්න උත්සාහ කළත් බොරතෙල් හිඟයක් ඇති වී තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවිය හැකි බවටත් එයින් රටේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවටත් සැප්තැම්බර් 29 තරම් ඈත දිනක මාධ්‍ය හමුවක් පවත්වා අපි රටට කිව්වා. ඒ අනුව බොරතෙල් මිල දී ගැනීම නැවැත්වීමෙන් පිරිපහදුව වසන බවට අපි රටට කිව්වේ නැත්තේ එය රටේ තෙල් සැපයුමට බල නොපාන අභ්‍යන්තර කාරණයක් නිසා.

පුරුද්දක් ලෙස මාධ්‍ය ඉදිරියේ බොරු කියන විශ්‍රාමික සේවකයෙක් තෙල් හිඟයක් ඇති වන බවටත් පැය 12ක් විදුලිය කපා හැරීමට සිදුවන බවටත් මාධ්‍ය හමුවක පවසා තිබුණා. මේ පුද්ගලයාම තමයි වරින් වර මාධ්‍ය ඉදිරියට ඇවිත් විවිධ බොරු කියන්නේ. පසුගිය ජූලි මාසයේ සිට තුන් වතාවක් රටේ තෙල් හිඟයක් ඇති වන බවට බොරු ප්‍රකාශ කලා. ඉන්දියානු විදේශ ලේකම් ත්‍රිකුණාමලයේ යන්නේ තෙල් ටැංකි ඉන්දියාවට පවරන ගිවිසුමක් අත්සන් කරන්න කිව්වා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තෙල් ටැංකි 99 ම ඉන්දියාවට දීල ඉවරයි කියන්න ඔවුන් අත්සන් කල ගිවිසුම මම පාර්ලිමේන්තුවේ සභා ගත කලා. ඛනිජතෙල් ගවේශනයට මම පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාම ඒකෙන් තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනවා කිව්වා. සමහර වෙලාවට පනත් තේරුම් ගන්න බැරුව ඇති. පිරිපහදුවෙ නම් කවදාවත් වැඩ නොකරපු නිසා පිරිපහදුවේ මොකක්ද වෙන්නේ කියලා තේරුමක් නැතුව ඇති. මේ කියන බොරු නිසා හා ඒවාට ලැබෙන මාධ්‍ය ඉඩ නිසා අවසන් වශයෙන් වෙන්නේ ජනතාව මහ වැසි මැද මහා වසංගත මැද තෙල් පිරවුම් හල් වල පෝලිමේ සිටිමින් අසීරුතාවයට පත්වීම පමණමයි.

දැන් කියනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට සපුගස්කන්ද තෙල් දැල්ල නිමුනා කියලා. වසර දෙකකට හෝ තුනකට වරක් නඩත්තු කටයුතු සඳහා තෙල් දැල්ල නිමනවා. මාසෙකට ආසන්න කාලයක් වසා තබනවා. ඒ වගේම මෑත ඉතිහාසයේ දෙවරක් බොරතෙල් නිසි වෙලාවට ගෙන ඒමට කළමනාකරණය අසමත්වීම නිසා පිරිපහදුව වසා දමා තිබෙනවා. ඔය දැල්ල නිවී ගිහින් තිබෙනවා.

ප්‍රශ්නය

පිරිපහදුව වැහුනේ ඔබතුමා හන්ද කියල කවුරුහරි චෝදනා කළොත් ඔබතුමා මොකද කියන්නේ ?

පිළිතුර

අද රටේ වාහන වලින් පටන් ගත්තම භාණ්ඩ වර්ග ගණනාවක් ගේන්න බැරිවෙලා තියෙන්නේ වෙන මොකක්වත් හන්දා නෙමෙයි විදේශ විනිමය හිගය නිසා. මට ඩොලර් උල්පතකුත් නෑ. මට ඩොලර් මුද්‍රණය කිරීමේ බලයකුත් නෑ. ඉතින් ඩොලර් හිගයට මම වග කියනන් ඕනෑ කියලා කවුරුහරි කියනවා නම් එයාට ඩොලර් ගැන අවබෝධයක් නෑ කියලයි මට කියන්න වෙන්නේ.

73,378 views

30 Comments to “බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..”

  1. kasun says:

    ඩොලර් නැති එකට ඇමති මොනවා කරන්නද? මුලු ලෝකෙම ආර්තික අර්බුදයක ඉන්නෙ

  2. දයා වයමන් says:

    ආන්නද පාලිතයගේ බොරු ගිලිමින් තාමත් පෙට්‍රල් ෂෙඩ් වල වාහන පෝලිමේ ඉන්න එවුන් අනේ මන්ද? උන් විහින් තෙල් හිගයක් හදනවා පැය කීපයකට හරි.

  3. ඉක්මන් says:

    ලෝකයේ අනික් රටවල නම් මෙවැනි දැඩි ආර්ථික අර්බුදයකදී ඉස්සෙල්ලාම හිග වෙන්නේ තෙල් ටික. නමුත් ගම්ම මොන ගේම ගහල හරි තෙල් ගේනවා.

  4. pamudi says:

    විපක්ෂට ඕනෙ රට අස්ථාවර කරන්න

  5. anura says:

    බොරු බයිලා ගහන දේශපාලකයන් අතර පැත්ත ගියත් ඇත්ත කියන මිනිහෙක්

  6. sampath says:

    ඇමතිට ඩොලර් මවන්න බෑනෙ

  7. sansala says:

    ඇත්ත කියන්නෙ රට වෙනුවෙන් විපක්ශය මිනිස්සුන්ව මුලා කරනවා

  8. අපි යූඑන්පී says:

    සජී ජනාධිපති නම් ඇමරිකාව අපිට තෙල් දෙනවා. සජී …

  9. '''භුගත ඛණිඡ නිදි මංපහරන ලද බෑ සිල පන්නා දමනු,..! says:

    ”’ත්‍රීකුණාමළය ඉන්දියාවට විකුණා කොමිස් ගිළදැමූ ”රාඡපකෂ දුශිතයන්”
    ” ආරකෂිත තෙල් සංචිත පවත්වාගෙන යාමට කටයුතු නොකරනු ලැබූ ”රාඡපකෂ දුශිතයන්” අස් ඉදිරිපිට විනාශයට යනුඇත,.!

    ”අදානි පැමින හාරනලද ශිරන්තිගේ හිල් ටැංකිය තුළ ,. මහින්ද රාඡපකශ තෙල්සංචිචත වෙනුවට $ රැස්කරනු ලබයි,.!

    ”තෙල්සංචිත පවත්වාගෙන යාමට වහාම ඡාතියේ උරැමය, ත්‍රීමළය වහා ඉන්දියානු ආක්‍රමිකයා පළවා හැර නිදහස් කරනු,.!

    ”’භුගත ඛණිඡ නිදි මංපහරන ලද බෑ සිල පන්නා දමනු,..!

  10. 0.00069 BIYYO says:

    මු දන්න එකම දේ කටමැණ දෙඩවිල්ල. Only Pompows talks. කරන්න ඉස්සෙල්ල කියල ඉවරයි. ඊට පස්සේ කරගන්න බැ. ඇන ගන්නවා. කරන එකා දොඩවන්නේ නැ. නිෂ්ශබ්දව වැඩේ කරනවා. අමු ගොනෙක්

Main News