බොරතෙල් බැරලය ඩොලර් 32ට වැටේ.. ලංකාවේ රුපියලක් මිල නොබසී..

March 9, 2020 at 12:00 pm | lanka C news
බොරතෙල් බැරලය ඩොලර් 32ට වැටේ.. ලංකාවේ රුපියලක් මිල නොබසී..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ප්‍රවාහන හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

මහින්ද අමරවීර මහතා
ප්‍රවාහන හා බලශක්ති අමාත්‍ය
බලශක්ති අමාත්‍යාංශය
කොළඔ 09.

අමාත්‍යතුමණි,

ලෝක වෙළදපොලේ බොරතෙල් අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දීම.

මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇත. එහෙත් මෙරට ඩීසල් මිල හෝ පෙට්රල් මිල අඩු කිරීමට ඔබ අමාත්‍යංශය මෙතෙක් කටයුතු කර නැත.

වසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතී.

එම නිසාලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉතාම ඉක්මනින් මෙරට පාරිභෝගිකයින්ට ලබා දීම සදහා  ඩීසල් මිල හා පෙට්රල් මිල අඩු කරන ලෙස ඔබතුමාගෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

14,858 Viewers

6 Comments to “බොරතෙල් බැරලය ඩොලර් 32ට වැටේ.. ලංකාවේ රුපියලක් මිල නොබසී..”

  1. මාරයා says:

    පොහොට්ටු වේ වහලුනි !
    යහපාලන මිල සූත්‍රය තිබුනානම් තෙල් මිල කීයක් ද කියා සොයා බලපියව් !
    දැන් ගොඩක්ම සැප ද ?

  2. kavirathna says:

    poddak iwasapalla, mulinma ape gaana kapaganna ona

  3. Prasad says:

    ආණ්ඩුව මේ වෙලාවට සද්දයක් නොකර හිටියට මෙයලා විපක්ෂයේ හිටියා නම් කොහොමද කටවල් . දන්නවා අපි මුන් දෙගොල්ල ම ඒකයි

  4. malraj says:

    යහපාලන මිල සූත්‍රය තිබුනානම් තෙල් මිල කීයක් ද කියා සොයා බලපියව් !
    දැන් ගොඩක්ම සැප ද ?

    ආණ්ඩුව මේ වෙලාවට සද්දයක් නොකර හිටියට මෙයලා විපක්ෂයේ හිටියා නම් කොහොමද කටවල් . hitan…

  5. tharaka says:

    ane paribogikarayge labba sukarame sanwidanya… oita wada aduwenna one ewa tiynwa ewa adukrapiyau hoyan gihin

  6. lotus says:

    If u can try to sign Hedging Agreement again for 80 USD,

Main News