බොරතෙල් මිල පහල යාම තවම නිරීක්‍ෂණය කරනවා.. තවත් අඩු වුනොත් මිල අඩු කරන්න හැකිවෙයි.. 20%ක් බොරතෙල් මිල වැටීම ගැන ඇමති කියයි..

February 12, 2020 at 6:48 pm | lanka C news
බොරතෙල් මිල පහල යාම තවම නිරීක්‍ෂණය කරනවා.. තවත් අඩු වුනොත් මිල අඩු කරන්න හැකිවෙයි.. 20%ක් බොරතෙල් මිල වැටීම ගැන ඇමති කියයි..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාම සම්බන්ධයෙන් රජය ඉතාමත් හොඳ අවධානයෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

බොරතෙල් මිල පහළ යාම සම්බන්ධයෙන් තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටින බවත් එය තවදුරටත් පහළ වැටුණහොත් එහි වාසිය ජනතාවට ලබාදීමේ ගැටලුවක් ඇති වන්නේ නැති බවත් ඔහු කියා සිටියේය.

පසුගිය මාසයක කාලය තුළදී බොරතෙල් මිල 20%කින් පමණ පහල ගොස් ඇත්තේ චීනයේ කොරෝනා තත්වය හේතුවෙන් බොරතෙල් ඉල්ලුම පහල යාම හේතුවෙනි.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ ඉන්ධන මිල සූත්‍රය ද මෙම මේ වනවිට අහෝසි කර තිබේ.

11,964 Viewers

9 Comments to “බොරතෙල් මිල පහල යාම තවම නිරීක්‍ෂණය කරනවා.. තවත් අඩු වුනොත් මිල අඩු කරන්න හැකිවෙයි.. 20%ක් බොරතෙල් මිල වැටීම ගැන ඇමති කියයි..”

  1. B4 UNP now Gota says:

    Pahu pahu wena kota kohu wenawa…

  2. 🤣🤣🤣😄😄😄 says:

    ලෝකයේ තෙල් උරන එකම තැන… දියවන්නාවයි..🥵🥵
    දියවන්නාවේ මැතිඇමතිලට දීලා තියෙන ඒසී වාහනවලට
    හා ගාඩ්ලා යන වාහනවලට සතියකට සපයන තෙල් ප්‍රමානයෙන්
    රජරට දුප්පත් පාසලකට නව තාක්‍ෂනය දීලා බුද්ධිමත්
    අනාගත පරපුරක් රට නැගුමට හදන්න පුලුවනි… !😲😲😲🤔

  3. ඩපයා says:

    මුන් දෙපැත්තේම කාලකන්නි උන්ගේ ගෝල බාලයෝ ඔක්කොටම ඛනිජ තෙල් සංස්ථාවේ රස්සා දීලා දැන් අපි උන්ට පඩි ගෙවන්න ඕනේ.

  4. Araliya says:

    Jandhipathithumani ballo udu buranawa wedi. Geta gahanna wahama.

    • නට්ලූස් says:

      මුංගේ වැඩ නිසා එතුමටත් දැං මඤ්ඤං..
      අල්ලලා දාලා ආපහු USA යයි මයේ හිතේ..

  5. kavirathna says:

    chandeta thawa kal thiyanawane,

  6. රටවැසි says:

    විපක්ෂෙ හිටිය නම් වේ වෙනකොට කට හඬත් වෙනස් වෙලා කෑ ගහලම . දැන් ඉතින් ගැලවිජ්ජාවට කරුණු හොයා නිසා උගුරට සනීපයි .

  7. Fernando says:

    අනේ බයියනේ උබලට වෙච්ච දෙයක්.

  8. Parakum says:

    Now people are dreaming of the YAHAPALANA days?

Main News