බොරතෙල් මිල පහල යාම මෙරට ඉන්ධන මිල අඩු කිරීමට ප‍්‍රමාණවත් නෑ..

February 14, 2020 at 4:40 pm | lanka C news
බොරතෙල් මිල පහල යාම මෙරට ඉන්ධන මිල අඩු කිරීමට ප‍්‍රමාණවත් නෑ..

ලෝක වෙළෙඳ පොළේ මේ වන විට සිදුව ඇති බොරතෙල් මිල පහළ යාම මෙරට ඉන්ධන මිල අඩු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව ඛණිජ තෙල් සංවර්ධන විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මේ දිනවල චීනයේ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ බැසීමක් ඇතත් එය තවදුරටත් පහළ ගියහොත් එහි වාසිය මෙරට ජනතාවට ලබාදෙන බව ද ඔහු සදහන් කළේය.

මීට සති කිහිපයකට පෙර බොරතෙල් මිල ඉහළ ගිය අවස්ථාවේ මෙරට ඉන්ධන මිල වැඩි කල යුතුව තිබියදී රජය එසේ නොකළ බවත් ඔහු කියා සිටියේය.

වර්තමානයේ බොරතෙල් මිල පහළ යාම ස්ථාවර නොවන බවත් එය කෙටිකාලීන තත්ත්වයක් පමණක් පෙනී යන්නේ යැයිද ඇමතිවරයා තවදුරටත් පැවසීය.

පසුගිය මසක කාලය ඇතුලත ලෝක වෙලදපලේ බොරතෙල් මිල 20%ක් ඉක්මවා මිල පහල ගොස් තිබේ.

6,406 Viewers

11 Comments to “බොරතෙල් මිල පහල යාම මෙරට ඉන්ධන මිල අඩු කිරීමට ප‍්‍රමාණවත් නෑ..”

  1. kamal says:

    අය අඩු කරන්න එපා බෆර් එකක් තියා ගන්න ආර්ථික උපදේශක කමල් ජයශ්‍රි

    • 👀😈😡👹😲👀 says:

      මැතිඇමති 225 හා ඔවුන්ගේ බෝඩ්-ගාඩ්ලගේ වාහන 900 ( 4 x 225 = 900 )
      තෙල් සැපයුම සති තුනකට සීමා කලා නම් මෙන්න ඉතුරුව….
      දිනකට —– 900 x ලීටර් 25 = ලීට‍ර් 22 , 500 👹
      සතියකට— 7 x 22 ,500 === ලීටර් 157,500 😡😡
      මුදල් රුපියල්— 160 x 157500 == 25, 200,000😈😈😈

      සතියකට ඉතුරුව රුපියල් “” දෙකෝටි පනස් දෙලක්‍ෂයකි”” 👀😲😲😲👀

  2. malraj says:

    69 lack ko….. hitan

  3. 77 UNP says:

    වරින්වර අඩු වැඩි කරනවට වඩා දීර්ඝ කාලයක් ස්ථාවරව තබාගැනීම වඩා හොඳයි. තෙල් මිල අඩු කලොත් බස් ගාස්තු අඩු නොකලත් එසේ තෙල් මිල අඩුකිරීමෙන් පසු මාස කීපයකින් නැවත තෙල් මිල වැඩි කලොත් බස් ත්‍රී රෝද කාරයෝ ගාස්තු වැඩි කරනවා.

  4. හාවා says:

    තව මදි , නිකම්ම බොරතෙල් දුන්නත් මෙහේ අඩු කරන්න විදිහක් නෑ . කියන්න දේවල් නං එමටයි . ඒත් දැනට මේ ඇති .

  5. Upul says:

    Why doesn’t this argument is applied when the oil price go up?

  6. Suren says:

    You are one pf the person downgrade the country all the time since 2005

  7. nalin says:

    Hay Idiot, are you blind ? Why can’t you refurbish the abandon oil tanks in Manner and store the oil. These buggers good to use for bullock cart

  8. jonana says:

    ගසා කන්න හොඳටම ප්‍රමාණවත් නේද! ගස් ගෙම්බෝ !!

  9. gamlath says:

    Chande Kata Langanam Monawahari Karanna Thibuna Neda Mathi Thumo…

  10. Amarapaala says:

    Bari Bariyawa Thiyagena.. Boru Bailaa

Main News