බොරතෙල් මිල බැස්ස නිසා ඉන්ධන මිල අඩු කරන්න හැකිදැයි සලකා බලයි..

March 9, 2020 at 12:40 pm | lanka C news
බොරතෙල් මිල බැස්ස නිසා ඉන්ධන මිල අඩු කරන්න හැකිදැයි සලකා බලයි..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල දැඩි ලෙස පහත වැටීම හේතුවෙන් මෙරට ඉන්ධන මිල අඩු කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

එය මේ සතියේදි කැබිනට් මණ්ඩලය අවධානයට යොමු කිරීමට නියමිතව තිබේ.

දැනට මෙරට ඉන්ධන මිල පවතින්නේ බොරතෙල් බැරලයක් ඩොලර් 70 සීමාවේ තිබී දී නියම කරන ලද මිල ගණන් යටතේ ය.

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ලෝකයේ ගුවන් ගමන අඩාල වීම, කාර්මික නිෂ්පාදනය පහත බැසීම ආදී කාරණා නිසා බොරතෙල් ඉල්ලුම වේගයෙන් පහළට ගොස් යාමත් සමග බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

අද බොරතෙල් බැරලයක් පවතින්නේ ඩොලර් 32 සීමාවේය.

පසුගියදා රජය කියා සිටියේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටුනහොත් අනිවාර්යයෙන්ම ඒ සහනය ජනතාවට ලබාදෙන බවයි.

12,837 Viewers

10 Comments to “බොරතෙල් මිල බැස්ස නිසා ඉන්ධන මිල අඩු කරන්න හැකිදැයි සලකා බලයි..”

  1. Porak says:

    ගිය ආන්ඩුව කාලේ මෙහෙම බොරතෙල් මිල අඩු වෙවී ගිහින් ලන්කාවේ මිල අඩු කලේ නැත්නම් මෙලහකට බයියෝ දෙතුන් දෙනක් ගිරිය කඩා ගෙන මැරිලා …..චීවරය දාගෙන සසුනට නිගා කරන උන් මහපාරේ.උපවාස කරනවා …..තවම සිරිසේන ද බන් ඉන්නේ….

  2. Niru says:

    Do not reduce price at time. You will need the money saved to tide over difficulties due to current economic situation around us due Corona

  3. Kgs basnayake says:

    baseless argument by media
    if you are businessman you will understand
    if any purchases have happened during this period we can reduce the fuel prices.

    • tharaka says:

      Yes totally correct.
      ada ehenam Oil ganna one. ethkota tamai aduwata denna puluwan. dan me wadiyen gennapu stock eka aduwen dela monawa karannada?

  4. anzar says:

    උසාවි නියෝගයටත් අවනත නොවුනු මෙයාලා………????
    ඡනදෙ නිසා මොනවා හරි කරන්න ඉඩ තියෙනවාාාාා
    නමුත් චන්දෙ ඉවර වෙනකම් තෙල් මිල අඩු නොකල යුතුය????

  5. Kadiya says:

    තෙල් මිල අඩුකරාට එහි වාසිය බස්කාරයෝ, ත්‍රීවීලර් කාරයෝ සහ වෙළෙන්දෝ ජනතාවට දෙන්නේ නැහැ. ඒ නිසා තෙල් මිල ස්ථාවරව තියාගෙන ඉතිරිවෙන මුදලින් ණය ගෙවා ආර්ථිකය ස්ථාවර කර ගැනීමයි වඩා හොඳ. යම් විධියකින් තෙල් මිල රුපියල් 10.00 කින් අඩු කලොත් නොයෙක් තර්ක දාල බස්කාරයෝ, ත්‍රීවීලර් කාරයෝ සහ වෙළෙන්දෝ රුපියල් 1.00 කින් ගණන් අඩු කරයි. පසුව තෙල් මිල රු. 5.00 කින් වැඩි කලොත් උන් තර්කම ආපහු දාල රු. 2.00 කින් වැඩි කරාවි. වඩා හොඳ මිල ස්ථාවරව තිය ගන්න එක.

    • Damsev says:

      අඩු කරනු ලබන ඉන්ධන වල මිලෙහි සම්පූර්ණ ප්‍රථිලාබය නිස්පාදකයා විසින් ජනතාවට ලබා නොදෙන හෙහින් ඉන්ධන මිල අඩු කිරීමෙන් ජනතාවට වන ආර්ථික ලාබයක් නොමැරත.එම නිසා ඉන්ධන මිල පවතින ම්ට්ටමේ තබා රජයේ ආදයම වැඩ් කොට ඉන් ජනතාවට සහන සැපයීම වඩාත් යෝග්‍යවේ .

    • rdy says:

      bayyanta dan mole padila lol

  6. Saradiel says:

    තෙල් මිල අඩුකරනාවට වඩා එම මුදල් වලින් ජනතාවගේ එදිනෙදා උවමනා කරන බඩුවල මිල අඩු කරනවා නම් ඉතා හොදා.

  7. Nariya says:

    mila adukarana epaa kiri piti bhumithel parippu karawala edunedaa awashya adarawya wla badhu bara adu karanna

Main News