බොරැල්ලේ ගංජා ගුණේගේ ඇස් දෙක ගොඩක්ම ගිලිලා.. සජිත්ට වඩා ජනාධිපතිකමට ගංජ ගුණේ සුදුසුයි..

October 14, 2019 at 12:00 pm | lanka C news
බොරැල්ලේ ගංජා ගුණේගේ ඇස් දෙක ගොඩක්ම ගිලිලා.. සජිත්ට වඩා ජනාධිපතිකමට ගංජ ගුණේ සුදුසුයි..

වැටුප් නොගෙන ජනතාවට සේවය කරන්න සජිත් ප්‍රේමදාස මහතාට ඇති ආදායම් මාර්ගය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල මහතා ප්‍රශ්න කර සිටියි.

දැරණියගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කළ තවත් ජනහමුවක් ඊයේ පස්වරුවේ දැරණිගල මංසන්ධියේදී පැවැත්වුනේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“මම වැටුප් නොගෙන ජනතාව වෙනුවෙන් සේවය කරනවා කියලා සජිත් රස්සාවක් කරලා තියෙනවද? නැහැ.

එහෙමනම් සජිත් පඩි නොගෙන වැඩකරන්නේ කොහොමද?

අපි බැලුවා තාත්තා මැරෙනකොට ධනය හම්බකරලා යන්න ඇති නේද කියලා, මෙන්න බොලේ තාත්තාත් රස්සාවක් කරලා නැහැ.

එහෙම නම් ඇමති සජිත් ජීවත් වෙන්න හදන්නේ ටෙන්ඩර් මගඩි කරලා අපේ රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණලා හම්බ කරන කොමිස් මුදල් වලින්ද කියලා අපිට අහන්න වෙනවා.

ඊළගට මට ජනතාව මැද ඉන්න ඕනේලු. ජනතාව වැඩියෙන් ඉන්න තරමට තමයි මගේ ඇඟට ඔක්සිජන් එන්නේ.

මිත්‍රවරුනි 6 පන්තියේ විද්‍යාවට අපිට ඉගැන්නුවා අපි හුස්ම ගන්නේ ඔක්සිජන්, පිට කරන්නේ කාබන්ඩයොක්සයිඩ්, සෙනඟ වැඩිවෙන්න වැඩිවෙන්න ඔක්සිජන් අඩුවෙනවා කාබන්ඩයොක්සයිඩ් වැඩිවෙනවා.

මේ පාඩම දන්නේ නැහැ කියන්නේ සජිත් පුතා 6 පන්තිය කට්ටි පැනලා එහෙම නැත්නම් 6 පන්තියටවත් ගිහිල්ලා නැහැ කියන එකයි.

ඒ විතරක් නෙමෙයි මේ යෝධයා දවසක් කියනවා මගේ ඇස් ගිලිලා කම්මුල වළ ගැහිලා ඒ නිසා මමයි ජනාධිපති වෙන්න ඕනේ.

අපි පාසල් යන කාලේ බොරැල්ලේ හංදියේ හිටියා ගංජා ගුණේ කියලා කෙනෙක්.

අපි පාසල් යද්දි රුපියල් 2ක් අපෙන් ඉල්ලා ගන්නවා ගංජා ගහන්න වෙන්න ඕනේ.

ගංජා ගුණේගේ ඇස් දෙක ගිලිලා තියෙන හැටියට සජිත්ගේ ඇස් ගිලිලාද?

එහෙම බලනකොට ඇමති සජිත්ට වඩා බොරැල්ලේ හංදියේ ගංජා ගුණේ ජනාධිපතිකමට හොඳයි කියලා අපි එ.ජා.ප.යට යෝජනා කරනවා”

– adaderana

27,169 Viewers

23 Comments to “බොරැල්ලේ ගංජා ගුණේගේ ඇස් දෙක ගොඩක්ම ගිලිලා.. සජිත්ට වඩා ජනාධිපතිකමට ගංජ ගුණේ සුදුසුයි..”

  1. sam says:

    මෙයා මහින්දයි එයාගෙ ගෝලයොයි කරපු විදියටම තමා අනිත් උන් ගැන හිතන්නෙත්. JVP එක වැටුප් ගන් නැතුව සේවය කරනව. පගා ගහලද මහින්දයි එයාගෙ ගෝලයොයි වගේ??

    • john says:

      Mr. Sam the joker, Kindly explain why the Yahapalana UNP and JVP failed to prove the billions of commission and stolen money scandals even given 4.5 years. In 2015, you had the documents, video and audio tapes in hand. Now what happenned. Believing them we voted Sirisena and ended up with a worse country. Now what you are telling? Again the same tape? Do you have the Docs, Video?

      • nimal says:

        Mr. Sam,

        How about Grand Central Bank Robbery in particular and numerous other robberies in general by so called Yamapalanaya Govt?

        • දේවක says:

          ගංජා ගුණේ ගැන ගම්මන්පිල දන්නෙ කොහොමද? පාරිභෝගිකයෙක්ද? 😀

    • Nish says:

      ජවිපෙ සල්ලි නැතුව ජීවත් වෙන රහස අපිට නෙවෙ මුලු ලෝකෙටම කියලා දෙන්න ඕනෙ. ආදායමක් නැතුව ලමයි ප්‍රයිවට් යුනිවසිටි වලට යවන විදියත් කියලා දෙන්න ඕනෙ. හිතන්නකො සතයක ආදායමක් නැතුව, කාටවත් බරකුත් නැතුව, ඔය විදියට හොදට කාලා, බීලා, රට සවාරි ගිහින් ඉන්න පුලුවන් කියන්නෙ ඒක ලෝකෙටම අලුත් විප්ලවයක් වෙන්නේ නැද්ද?

    • Norata Eka says:

      පගා ගන්න JVP එකට බලය ලැබෙන්න එපැයි .. ඒගොල්ලො හම්බ කරන්නෙ වෙන ක්‍රම වලින්, UNP කොන්ත්‍රාත් කරල , අන්ඩුව අමාරු අවස්ථා වලද බේරගෙන, හොදට හම්බ කරනව… හිතන් ඇති හැමෝම රවට්ටන්න පුලුවන් කියල …

  2. Hesh says:

    සජිත් ගොන් කතා කිව්වා කියලා ගොන් කතා වලින්ම පිලිතුරු දෙන එක මෝඩයි. ගම්මන්පිල, ඔයා ලොකු වැඩක් කරා විපක්ශෙට පක්ශයක්වත් නොතිබුන කාලේ. හැබැයි ඔයාටත් ටිකක් වෙනස් වෙන්න කාලේ හරි. අපිට දැනගන්න ඕනෙ ගෝටා දිනුවම කරන දේ මිසක්, සජිත්ගෙ මෝඩ කතා වල තියෙන ලොජිකල් ප්‍රශ්න නෙවේ.

  3. ක්‍රිමිනල් says:

    එතකොට බොලව් රාජපක්ශ මහත්තයලා රස්සාවල් කරලා වෙන්ටෑ මෙච්චර යස ඉසුරු සම්පත් මැද ඉන්නේ !

    • asiri says:

      Those days Mahinda was a highly paid lawyer popular in Tangalle and Matara Courts , He has appeared for some of my family cases in history . Chamal Was a police officer , and Gota is a decorated war hero. I don,t know what Basil and other siblings did. But they had lot of family inheritance as well.

      So criminal bugger-off with your comments

    • prabath says:

      Yako eun parampara gatha salli karayo…..Sajith ge paramparawe salli hamba unatha thana hoyala katha kolanam thama honda…..Mahaththayo….

      • ක්‍රිමිනල් says:

        උබලා වගේ මීහරක් දක්කන්න ඔනේ වෙලට , යකො බැසිල් මහත්තයා කිව්වෙ තාත්තගේ දානේ දුන්නේ වත්තේ පොල් ගස් කපලා ඒ සල්ලී වලින්කියලා, උබලා වගේ මැටි මොල්ලූ ඉන්නකං රාජපක්ශ වරු ගොඩ !

  4. sara says:

    සජිත් කියන දෙය තේරුම්ගන්න බැරි බූරු පැටිය.

    • prabath says:

      Buru patiya Sajith Thamai Gon katha kiyanna…….Oya wage niakan thuttudeke athal dena podilamayek wage ekek koheda ratak palanaya karanne.Anthime wenne piyage kale wage ekadhipath wena eka thamai…meyage dan kathawalath gambura ekathamai….dakina dakina wiruddawena ayata wenne piyano ge kale un dewal thama…mathakada threma witharana,Richard de Zoyza,….Wage aya …dan UNP ekata kade yana un dangalanne Nelum malen genalldun puthrayek wage…

    • Saradiyel says:

      සජිත් කියන දේ ඌටවත් තේරෙන්නෙ නැතුව ඇති වාචාල කමට කියෙව්වට.

    • vishnu says:

      සජිත් කියන දේ බූරු පැටියෙකුට නොතේරෙන්න
      පුළුවන්. ඒත් ඒක උඹ වගේ මහ බූරුවෙකුට
      තේරෙන්නෙ නෑ.

  5. Kumara says:

    Ganja Gune Thamai pohottuwen Chandeta genath thiyenne.

  6. sathya says:

    He knows ගංජා ගුණේ because Gammanpila also is a smuggler and with underworld connection

  7. nilu-USA says:

    Hi Udaya,
    at this stage, you should identify your role in the Gtabhaya-Government. Minister? If so what will be your contribution? What is your plan for Gata’s mission? How can you help poor communities of SL?

Main News