බොරැල්ලේ විශාල පිපිරුම් හඬක්.. ජනතාව කලබල වෙති…

May 6, 2019 at 10:19 pm | lanka C news
බොරැල්ලේ විශාල පිපිරුම් හඬක්.. ජනතාව කලබල වෙති…

අද බොරැල්ල ප‍්‍රදේශයේ ඇති වූ ශබ්දයක් හේතුවෙන් ජනතාව කලබල වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

බේස්ලයින් මාර්ගයේ හල්ගහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් අතින් විදුලි අනතුරක් වීමෙන් ශබ්දය ඇති වූ බවද ඔහු සදහන් කලේය.

රූපවාහිනි ඇන්ටනාවක් සවි කිරීමට යාමේදී ආසන්නයේ තිබූ වොට් 33000ක අධි බල විදුලි රැහැනක ගැටීම නිසා මෙම ශබ්දය ඇති වූ බවද ඔහු කීය.

මේ හේතුවෙන් තුවාල ලද තිදෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

මේ වන විට පවතින ආරක්‍ෂක තත්වය හා රට පුරා සිදු කරන මෙහෙයුම් සම්බන්ධයෙන්ද ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලේය.

86,503 Viewers
Main News