බොරැ කියන තරමට අගමැති රනිල්ගෙත් නහය දික්වෙයිද..

March 25, 2017 at 12:18 am | lanka C news
බොරැ කියන තරමට අගමැති රනිල්ගෙත් නහය දික්වෙයිද..

පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

පාර්ලිමේන්තුවේදී අගමැතුතිතුමන් කියනවා විදේශ විනිසුරුවන් ගෙනඒමේ අදහසක් ආණ්ඩුවට නැහැ කියලා. මම දන්නෑ අපේ ගරු අගමැතිතුමන්ගේ නහය එන්න එන්න දික්වෙනවාද කියලා. අපි නම් අහල තියෙන්නේ බොරුකියන්න කියන්න නහය දිගු වෙනවා කියලයි. යුධ අපරාද සම්බන්දයෙන් විමර්ෂණයක් පැවැත්වීමටත් ඒ සදහා විදේශ

විනිසුරුවන් යොදාගැනීමටත් ආණ්ඩුව ජාත්‍යන්තරයට එකගවී නැතැ යි කියලා ගරු අගමැතිතුමන් පාර්ලිමේන්තුවට කිව්වේ පට්ට පල් බොරු.
2015 සැප්තැම්බර් මාසයේ සම්මත කරගත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිලිබද යෝජනාව ඓතිහාසික යෝජනාවක්. මානව හිමිකම් මණ්ඩල ඉතිහාසයේ පමනක් නොවේ එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ තමන්ගේ රටට එරෙහි යෝජනාවකට ඒ රට සම අනුග්‍රහයක් දැක්වීමක් සිදුවී ඇත්තේ ඒ අවස්ථාවේ පමණයි. ලංකාව ඒ කල සේ සියදිවි හානිකරගැනීමක් ලෝක ඉතිහාසයේ කිසිම රටක් කර නැහැ.

එම යෝජනාවේ හයවෙනි ඡේදයේ අවසන් වාක්‍යයේ කියනවා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ අනිකුත් විදේශීය රටවලින් විනිසුරන්, විත්තියේ නීතිඥයන්, අභිචෝදකයන් ඒ කියන්නේ නීතිපති දොර්තමේන්තුවත් එලියට දාලා සුද්දන් ලවා ඒ වැඩෙත් කරගන්න , සහ විමර්ශකයන් එනම් පොලීසිය එතකොට පොලීසියේ වැඩෙත් සුද්දන්ට පවරනවා. මේ සම්බන්ධයෙන් හයවෙනි ඡේදයේ ඉතා පැහැදිලිව කියනවා.

අපේ අගමැතිතුමන් ෆොක්ස් වාගන් කියන එක උච්චාරණය කරන්නේ වොක්ස් වැගන් කියලා. නමුත් අපි ඒකට එතුමන්ට දොස් කියන් නෑ. එතුමන්ට ජර්මන් භාෂාව බෑ කියල අපි දන්නවා. නමුත් එතුමන්ට ඉංග්‍රීසි බෑ කියලා නම් අපි හිතන්න නෑ. එතුමන්ට හොදට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. ඒ නිසා මේ ඡේදය අතිශයින්ම එතුමන්ටත් පැහැදිලියි.

2015 මේ ඇතිකරගත් එකගතාව ගැන අපි මේ රටේ ජනතාවට කරුණු දැක්වුවා. ආණ්ඩුවට අවස්ථාවක් තිබුනා 2017 අළුත් යෝජනාව එනකොට අඩුම තරමින් මේ භයානක රටට හානිකර කොටස් සංශෝධනය කරගන්න උත්සහ දරන්න. නමුත් මේ පාරත් කිසිම වෙනසක් නෑ. එම යෝජනාව නැවතත් සම්පුර්ණයෙන්ම පිළිගනිමින් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පමනක් වසර දෙකක කාලයක් ඉල්ලා සිටීම පමණයි මේ වසරේ යෝජනාවේ අන්තර්ගතය බවට පත්වෙලා තියෙන්නේ කියන එකයි අපිට ලැබුනු තොරතුරු වලින් කියවෙන්නේ.
අපිට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව නම් මේ වසර දෙකක කාලය ලබාගන්න මංගල සමරවීර මහතා ඉදිරිපත් කර තියෙන කරුණු තමයි ලොකූ මහින්ද රැල්ලක් තියෙනවා, මහින්ද රාජපක්ෂ මැතිතුමන් යලි මෙරට බලය අත්පත්කරගැනීමේ අවධානමක් තියෙනවා. මහින්ද රාජපක්ෂ යලිත් මෙරටේ නායකයා උනොත් ඔය ගොල්ලන්ට එයාව පාලනය කරන්න තුරුම්පු අවශ්‍යයි. තියෙන තුරුම්පු එක වර ගහල ඉවර කරගත්තොත් ඔයාලට මහින්ද බලයට ආවහම එයා පාලනය කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ යුධ අපරාධ කියන කාරණය තුරුම්පුවක් ලෙස අපි කල් දමමින් අවසන් නොකර ඉදිරියට පවත්වාගෙන යමු කියන එකයි මංගල සමරවීර මැතිතුමන්ගේ අදහස වී ඇත්තේ.

ඒ නිසා තමයි ඇතැමුන් විරුද්ධ වුනත් දෙමළ බෙදුම් වාදීන්ගෙන් විශාල පිරිසක් වසර දෙකක් කාල් දාන්න එකග වෙන්නේ. යුධ අපරාධ චෝදනා විමර්ශණය පරක්කුයි පරක්කුයි කිය කියා අඩ අඩා සිටි දෙමළ බෙදුම්වාදීන් ඇයි දැන් වසර දෙකක් කල් දාන්න එකග වෙන්නේ. මේ හැමෝටම මහින්ද භීතිකාව තියෙනවා.

අපි දන්නවා එක්නැලිගොඩ අතුරුදහන්වීමට වගකිව යුතුයි කියලා අපේ බුද්ධි අංශයේ කීර්තිමත්ම රණවිරුවන් පිරිසක් අත්අඩංගුවේ තියාගෙන වසරකට අධික කාලයක් ඒ අයට වදදීලා අන්තිමට මේ දේශප්‍රේමී බලවේග දියත් කල අරගලය නිසාත් අධිකරණයේදී අපේ නීතිඥයන් ඉදිරිපත්කල කාරනාත් නිසා ඔවුන්ට ඇප ලැබුනා.

දැන් මේ පිළිබද පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ත්‍රස්ත විමර්ශන කාර්යංශයට බාර දී තිබෙනවා. මොකටද? මේ අය ඉතා වැදගත් මෙහෙයුමක් කලා. ඒකට කියනවා ඔපරේෂනස් ඩබල් එජ් කියලා. මේ අය මොකද කලේ. පරණ කොටි නායකයින් අල්ලගෙන අපේ පැත්තට දිනාගත්තා. ඉන්පසු එම කොටි නායකයන් ලවා පැරණි කොටි සාමාජිකයන්ට කතා කලා. අපිට ඕන කොටි සංවිධානය යලි ගොඩ නගන්න. ඒ නිසා අපිට උදව් කරන්න. හමුදාව සමග එක්වු කොටි නායකයන් පරණ කොටි සාමාජිකයන්ට කිව්වා. නමුත් මේ කතා කරන හිටපු කොටි නායකයන් දැන් හමුදාව සමග සම්බන්ධවෙලා කියලා නොදන්න නිසා ඇතැම් කොටි සාමාජිකයන් යලි කොටි සංවිධානය ගොඩ නගන්න ඔවුන් සමග සම්බන්ද වුනා. කොටි සංවිධානයේ පරණ නායකයන් ඇවිත් කැලේ කඳවුරු දානවා. ඒ හමුදාවෙම සහයෝගය හමුදා උපක්‍රමයක් විදිහ දාලා අර කොටින්ට කියනවා හදිස්සියේ වත් හමුදාව අපි සගවා තියෙන අවි සොයා ගනී . නැතිනම් ප්‍රශ්න කිරීම්වලදි අපේ අය මේවා හෙලි කරයි. ඒ නිසා අපි මේවා ආරක්ෂිත වෙනත් තැන්වල හංගමු කියලා අර කොටින්ගෙන් ආයුධ සැගවු තැන්වල විස්තර ලබාගෙන ඒවා තොග පිටින් සොයා ගත්තා. මේ ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේදී සිදු වුනේ ඒකයි.

නමුත් මේ ඩබල් එජ් මෙහෙයුමට අළුත් අර්තකතනයක් දෙමින් ඉන්නවා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින්. ඒ තමයි කොටි සංවිධානය යලි නැගිට්ටවලා ඒ හරහා මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගේ ප්‍රතිරූපය සහ ඔවුන්ගේ අවශ්‍යතාවය තහවුරු කරගැනීමට මේ මෙහෙයුම යොදාගත් බවට පෙන්වා දීමට ත්‍රස්ත විමර්ශන ඒකකය උත්සහා දරමින් ඉන්නවා.

එක්නැලිගොඩ මැරුවා කියලා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරගෙන සිට ඔප්පු කර ගන්න නොහැකිව එළියට දැම්මාම රවිරාජ් ඝාතන විමර්ශනයේදීත් සිදුවුනේ ඒකයි. අපි කියන්නේ එක්නැලිගොඩ ඝාතනයේ සැබෑ වරද කරුවන්ට දඩුවම් දෙන්න . එයාලාි මේ ආණ්ඩුවේ ලොකු නිල තල දරනවා වෙන්න පුළුවන්. එයාලා රැක ගැනීමට මේ රට රැක්ක අහිංසක බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරන්න එපා.

– අරවින්ද අතුකෝරල

3 views

One Comment to “බොරැ කියන තරමට අගමැති රනිල්ගෙත් නහය දික්වෙයිද..”

  1. GAMARALA says:

    බටලන්ද දැන් පිනොකියෝ වගේ වෙන්න යනවලු …හික් හික්…හික්… ජේසු පිහිටයි රායප්පු පිහිටයි

Main News