බොරු කීවා කියා පස් හැවිරිදි දැරියගේ කටයි මුහුණයි මව පුළුස්සයි…

October 10, 2021 at 12:00 pm | lanka C news
බොරු කීවා කියා පස් හැවිරිදි දැරියගේ කටයි මුහුණයි මව පුළුස්සයි…

කිලිනොච්චිය අක්කරායන්කුලම් පොලිස් වසමේ කුඩිඉරිප්පූ ප්‍රදේශයේ පස් හැවිරිදි දැරියක් පිලිස්සීමකට ලක් කොට අමාණුෂිකව වධහිංසා කලේ යැයි සැක පිට දැරියගේ මව පොලීසිය විසින් ඊයේ (09) දින අත්අඩංගුවට ගෙන ඇත.

අදාල මව වසින් දැරියගේ මුකය අවට ප්‍රදේශය සහ දැරියගේ කලවා ප්‍රදේශය මෙලෙස පුලුස්සා පහරදී ඇති බවට අනාවරනය වී ඇත.

දැරියගේ පියා රැකියාව සඳහා නිවසින් බැහැර වූ අවස්ථාවකදී කිසියම් හේතුවකට උරණ වූ මව විසින් රත් කරන ලද පිගානක් දැරියගේ මුව ප්‍රදේශයේ සහ කලවා ප්‍රදේශයේ තැබීම හේතුවෙන් දැරියගේ මුව අවට හා කලව ප්‍රදේශය පිලිස්සී තිබුණි.

පසුව ඒ පිළිබඳව ප්‍රදේශවාසියෙකු දැක පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාල නිවසට පැමිණ දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා ඇත්තේ තමන් බොරු පැවසුවේයැයි මවට තරහා ගොස් මෙලෙස පිගානකින් පිලිස්සූ බවටයි.

පසුව ළමා හිංසනය යටතේ අදාල මව අක්කරායන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පස් හැවිරිදි දියණියද ළමා හා කාන්තාකාර්යංශට රැගෙනවිත් අක්කරායන්කුලම් රෝහලට ඇතුලත් කොට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පොලීසිය විසින් පියවර ගෙන ඇති අතර මව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන අක්කරායන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

15,961 views

4 Comments to “බොරු කීවා කියා පස් හැවිරිදි දැරියගේ කටයි මුහුණයි මව පුළුස්සයි…”

  1. SL says:

    පාර්ලිමේනුතුවෙ ඉන්න කමිබ බෙගල් කාරයෝ ටික බාර දෙමු මේ අම්මට

    • sunimal says:

      LTTE මෙලෙච්චේද ත්‍රස්තවාදය මේ රටින් තුරන් කලත් ඒ මෙලෙච්චේද ත්‍රස්තවාදී ගති දමිළ ජනතාවගෙන් ඉවත් වී නැහැ, මුන් පිරපාකරන් යක්ෂයාගේ පරපුර . දැරියට ඉක්මන් සුවය ලැබේවා

  2. Upul Attanayake says:

    this kind of incident reporting every known then tamil living .so government must take this kind of data to next human right commission assembly .we have to let world to understand Tamil are with the war how much poor education ,long way to heal this kind of development with this people.
    please TV radio doesn’t support poors. they just do useless politics…..
    sad……

  3. Dasun says:

    දෙමාපියො අපෙත් කටවල් පිච්චුවා අපිනම් පොලිසියට ගියෙ නෑ. ඒ නිසා තමා අද අපි හිරේ නොයා ඉන්නෙ.

Leave a Comment

Main News