බොරු චෝදනා ගොනුකර රිමාන්ඞ් කල කරුණා අම්මාන් අධිකරණයෙන් නිදහස් කිරිමෙන් ‘දේශපාලන සිරකරුවකු’ වු පුද්ගලයකු ලෙස වාර්තා තබයි..

October 31, 2017 at 2:10 pm | lanka C news
බොරු චෝදනා ගොනුකර රිමාන්ඞ් කල කරුණා අම්මාන් අධිකරණයෙන් නිදහස් කිරිමෙන් ‘දේශපාලන සිරකරුවකු’ වු පුද්ගලයකු ලෙස වාර්තා තබයි..

පසුගිය ආණ්ඩුවේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි විනයාගමූරති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් තම තනතුරේ සිටියදි පාවිච්චි කල වෙඩි නොවදින රථයක් නැවත භාරනොදි ගරාජයක නවනා තැබීම සම්බන්ධව FCID ය විසින් ඔහුව 2016 වසරේ නොවැම්බර් 29 වෙනිදා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කලේ ය.

මෙම සැකකරු 2015 අගෝස්තු 15 වෙනිදා මන්ත්‍රී ධූරය අහෝසි විමෙන් පසුව ඔහුගේ ආරක්ෂාවට ලබා දුන් එම වෙඩි නොවදින රථය නැවත නිසියාකාරව භාරදි නොමැති බවට ඔහුට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධව කොට්ඨාසය FCID ය විසින් සාපරාධි විශ්වාසය කඩ කලැයි පවසමින් 1982 අංක 12 දරන පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාර කොට තිබුනි.

එහෙත් මෙම නඩුව ඊයේ 30 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදි පොලිස් මූල්‍ය අපරාධව කොට්ඨාසය FCID ය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කොට පවසා ඇත්තේ ” මේ සිද්ධියට අදාළව අංක සි.ආර්.5/04/2017 යටතේ උදෘත ගොනුව සැලකිල්ලට ගත් නීතිපතිවරයා මෙම තැනත්තා සම්බන්ධයෙන් තව දුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවට සඳහන් කරමින් ඉකුත් 13 වෙනිදා උපදෙස් ලබාදි ඇතයි සඳහන් කරමින් පොලිස් මූල්‍ය අපරාධව කොට්ඨාසය අධිකරණයට කල කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය නිකුත් කලේ ය’ යන්න අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

ඉහත අධිකරණය තීන්දුව හරහා මැනවින් පැහැදිලි වනුයේ නිසියාකාරව රජයේ නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව හිතුවක්කාර ලෙස පොලිසිය මෙරටේ හිටපු අමාත්‍යවරයෙකුට මෙන්ම මෙරටේ පැවති වසර 30 කුරිරු කොටි ත්‍රස්තවාදී යුද්ධය නිමකිරිමට 2004 වසරේ සිට අත්වැල් බැදගත් කොටි සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායකයා වූ කරුනා අම්මාන්ට ක‍්‍රියාත්මක වී ඇති බවයි. ඔහු මහින්ද රාජපක්ෂ යුගයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිට යුද්ධය ජය ගැනීමට විශාල දායකත්වය සැපයු අතර කොටි නායක ප්‍රභාකරන් මිය ගිය බවට හදුනාගත පලමු සිවිල් වැසියා විය.

දෙමළ ඩයස්පෝරවා මෙන් මෙරටේ සමහර ද්‍රවිඩ දේශපාලඥයන් සතුටු කිරිම සඳහා වත්මන් මොහු බොරු චෝදනා යටතේ බන්ධනාගාර ගත කලේය, ඒ අනුව අධිකරණය මගින් ඊයේ නිදහස් වු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරිමට දායක වීම නිසා මෙරටේ ජනතාවගේ ආදරයට පාත්‍රවූ වු විනයාගමූරති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් බොරු චෝදනා මත බන්ධනාගාර ගත කොට අධිකරණය මගින් නිදහස ලැබු පලමු දේශපාලන සිරකරු වනු ඇත.

එමෙන්ම ඒ අනුව ඔහුගේ ඇප වෙනුවෙන් තැබු රුපියල් ලක්ෂ 10 යක මුදල් ඇපය මුදාහැරීමට අධිකරණය කටයුතු කළ අතර ලක්ෂ 50 ක පුද්ගල ශරීර ඇප වෙනුවෙන් 4 දෙනෙකු ඉදිරිපත් වු අතර ඔහුනගේ ඇප නිදහස් කිරිමට නියමිතය.

165 views

13 Comments to “බොරු චෝදනා ගොනුකර රිමාන්ඞ් කල කරුණා අම්මාන් අධිකරණයෙන් නිදහස් කිරිමෙන් ‘දේශපාලන සිරකරුවකු’ වු පුද්ගලයකු ලෙස වාර්තා තබයි..”

  1. Boga says:

    What about vehicle?

  2. බබා උක්කුන් says:

    ඔය නීති විරෝධී සිරගත කිරීමට සම්බන්ද පුද්ගලයින්ට විරුද්ධව දඩුවම් කරන ලෙසට සහ වන්දි ගෙවන ලෙසට නඩු පැවරිය යුතුයි.

    • Horaa says:

      මහරජාට බැලමෙහෙවර කම් කරන LTTE මිනී මරුවෝ කුපාඩියෝ ඕන බලු වැඩක් කරන වුන් දේශ ප්‍රේමින් රජාට විරුද්දව යන වුන් NGO කාරයො දේශ ද්‍රෝහින් නැතහොත් කොටි

      • Ajith says:

        උඹ දන්නවාද කරුනා අම්මන් LieTTE එකෙන් වෙන්වෙලා,
        ශ්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව කොටින්ට විරුද්දව හරි හරියට සටන් කලයි කියල. කොටින් හා කරුනා අම්මන්
        කණ්ඩායම් අතර වාකරේදී සිදුවූ දරුණු සටනේදී කොටින්
        කරුනා අම්මන් ගේ සොහොයුරු රෙජී මරා දැමූ බව උඹ දන්නේ නැත්ද?
        හොරෝ, උඹ ඒ දවස්වල ඉපදිලා හිටියේ නැත්ද? නැත්නම්
        උඹ කොටින්ට කඩේ යන එකෙක්ද?

  3. Police Junta says:

    There should be several cases against head of CIFD who use public property act and colkect billins of rupees as bribe from several people and shared with RATHU ALI PATAVE

  4. Pachaya says:

    Are there any legal reliefs available for innocent parties file action against FCID?

  5. daham says:

    dan ara lapa kumaraya uge punchi ammata……….athi neda?

  6. Niru says:

    Ponil,s FCID puswedilla. What a waste of public money.
    These donkeys should be taking the CB scammers into custody

  7. Aurora says:

    මේක තනිකරම බෙදුම්වාදීන්ට දුන් කප්පමක්. කරුණා අම්මාන්ට විරුධව නීතියට පිටින් නඩු පැවරූ FCID අපරාධකරුවන්ට එරෙහිව නීතිය සහ පොලිසියේ අධිකාරී බලය අවභාවිතා කිරීම යටතේ නඩු පවරා දඬුවම් කලයුතුයි. කරුණා අම්මාන්ට වන්දි ගෙවිය යුතුයි.

  8. David Milli-Banda says:

    Karuna sarpaya (a Serpent) … Karunata baya wela “Nidahas……..Despite of alleged Rs.90b fraud.

    But Ex STF Chief Sarath Chandra remanded for alleged misappropriation of Rs. 148,000.

  9. Venura says:

    This is to Boga.
    You are a BOGA by all means.
    I presume you are over 10years in age.
    If you don’t know Karuna Amman, go and learn History.
    If you don’t know english, go to a night class.

  10. kalana says:

    සිංහල යයි කියන පර බල්ලන්ට වඩා මේ මනුස්සය හොඳයි, අවංකයි.

    • Ajith says:

      Exactly, can you imagine his bravery to go fighting against the world’s most powerful and ruthless
      terrorist organization at that time?

Main News