බොහෝ දෙනෙකුගේ කෑමපතට රස එක්කරන බත්තලංගුණ්ඩු කරවල…

February 2, 2018 at 8:02 am | lanka C news
බොහෝ දෙනෙකුගේ කෑමපතට රස එක්කරන බත්තලංගුණ්ඩු කරවල…

කල්පිටිය අර්ධද්වීපය කියු සැණින් කාගෙත් මතකය දිව යන්නේ බත්තලංගුණ්ඩුව දූපත වෙතය. මන්ද එහි පෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමක් කැටුව ඇති ස්භාවික දූපතක් නිසාවෙනි. එහි සුන්දරත්වය විදහාලමින් තිබෙනුයේ දූපත් වලල්ලේ ඇති විශාලතම  දූපත   බවට ලක්ව තිබීම නිසාවෙනි.

කල්පිටිය අර්ධද්වීපයට සීමා මායිම්ව පිහිටා ඇති බත්තලංගුණ්ඩුව දූපතේ ජීවත් වන ධීවර ජනතාවටගේ ප්‍රධාන ජීවනෝපය වී ඇත්තේ මුහුදෙන් හා කළපුවෙන් නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්න කරවල කර   අලෙවි කිරීමයි.

කොතරම් අලංකාර වුවද, කොතරම් සුන්දර වුවද එහි ජීවත් වන ජනතාව අමිහිරි කටුක ජීවිතයක් ගත කරනවා යන්න සදහන් කලොත් එය නිවැරදි කරුණිකි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන්ට ගමනා ගමන පහසුකම් සදහා සෑම අවස්ථාවකම කල්පිටිය ජැටියේ සිට නාවික සැතපුම් 32ක් බෝට්ටු මගින් ගමන් කිරීමට සිදුව තිබීම නිසාවෙනි.

පානිය ජලය, රෝහලක්, පාසලක් නොමැතිව ජීවත් වන මොවුන්ගෙන් බහුතරයක් ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයින් 1500ට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම දූපතේ ධීවර පවුල් ප්‍රමාණය 1700ක් පමණ පදිංචිව සිටිති

මොවුන් සිය වෘත්තිය ලෙස වැඩි වශයෙන් කරවල වේලීමේ කටයුත්තේ යෙදෙමින් දිවිසරුකර ගන්නා ආකාරය එහි ගිය අපට දක්නට ලැබිණි. මොවුන් සවස 5.00ට පමණ බෝට්ටු යාත්‍රා මගින් දියඹට ගොස් මසුන් මරා පසුදා උදෑසන ආපසු නිවෙස් බලා පැමිණෙන තුරු ඔවුන්ගේ බිරින්දෑවරු දියඹ දෙස බලා සිටින්නේ හොද අස්වැන්නක් ලබා ගැනීමට බව කිව යුතුය.

නමුත් මේ වන විට දූපතේ මත්ස්‍ය අස්වැන්න සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බව ඔවුන් පවසන්නේ මේ ආකාරයෙනි. එයට හේතුව වී ඇත්තේ දැනට භාවිතා කරන තහනම් දැල් ආම්පන්න හා ඩයිනා වැනි ක්‍රමවේදයන් භාවිතා කරන සංචාරක ධීවරයින් නිසාවෙන් මෙසේ මත්ස්‍ය සම්පත පහළ වැටී ඇති බවයි.

එවැනි ප්‍රශ්ණ රැසකට සිරීවී නොබියව රක්ෂාවට මුහුණ දෙන මෙම ධීවරයින්ට සමහර දිනවලදී මත්ස්‍යයින් නොලෙබෙන අවස්ථාද එමටය.  එම ගැටළු මධ්‍යයේ මොවුන් වේලන කරවල අද ලංකාවේ බහුලව කොයි කව්රුත් ආහාරයට ගන්නා බව සදහන් කල යුතුමය.

මත්ස්‍යයින් මැරීමට දියඹට යන ධීවරයින් බෝට්ටු යාත්‍රාවලට  යොදා ගන්නා ඉන්ධන සදහා  දිනකට විශාල මුදලක් වැයකලද එයට සරිලන අස්වැන්නක් මොවුන්ට නොලැබෙන බවටයි මොවුන් මැසිවිල් නගමින් සදහන් කරන්නේ.

එවැනි කටුක අත්දැකීම් කැටිකරගත් මොවුන්ගේ දෑතින් වේලා ගන්නා කරවල වලට මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල වලින් වැඩි ඉල්ලුමක් ගෙන දෙන බව ඔවුන් සදහන් කලද, එයින් වැඩි ලාභ හිමිකර ගනු  ලබන්නේ අතරමැදි තැරව්කරුවන් බව ඔවුන් පෙන්වා දෙති.

මේ වන විට ලංකාවටම කරවල සපයන බත්තලංගුණ්ඩුව ධීවර ප්‍රජාව දැවෙන ප්‍රශ්ණ වලට තිරසාර විසදුම් ලබා දීමට අපොහොසත් බලධාරිනි ඔබගේ ප්‍රමාදය ඔවුන්ගේ පරිහානියට අතවැනීමක් නොවේද?

– පුත්තලම කේ.ප්‍රියංකර  

134 views

4 Comments to “බොහෝ දෙනෙකුගේ කෑමපතට රස එක්කරන බත්තලංගුණ්ඩු කරවල…”

  1. Ravi says:

    මාළු මරණ එක පවක් නේද? ඉතින් අයි සිංහල බෞද්ධ වෙබ් සයිට් එකක් ප්‍රාණ ගාතය අනුමත කරන්නේ??

    • saman says:

      yako eka ara dhiwara amathita kiyapan ban

    • Dev says:

      Mewa paw unath mewa nisa samoohayak jeewath wenawa.rate daruwan poshanaya wenawa.
      Bauddha kiyanne satun marana eka nawathwanawata wada loku deyak

      prayogika nownoth darashanaya nati we wi. baudda kiyanne manasin atha hara jeewath weema
      minissu malu allauwata honda jeewitayak gata karanna puluwan anith dewal hada gena

  2. නිදහස් says:

    මේ කරවල වේලන හැටි නොදන්න සමහර සිංහලයො රස කර කර කනවා. කඩේ තියෙන මේවාට මැස්සන් කෝදුරුවන් වහන්නෙ නැත්තෙ ඇයි දන්නවද ? රින්සෝ කුඩු දාල හේදුවම මැස්සන් එන්නෙ නෑ. ඒකයි ඇත්ත කථාව.
    මුස්ලිම් අය මේවට වද පෙති දාල වේලනව. අපේ ගෑනු ඒවා කලා වද වෙනව. රට කරවල, හාල්මැස්යසො කියල මැලේසියාවෙන් එන්නෙ මේව තමයි.

Main News