බොහෝ දේශපාලඥයන් භාර්යාව නිසා පිරිහෙනවා.. එලීනාගේ ගුණ වයමින් අගමැති කියයි..

September 30, 2020 at 6:48 pm | lanka C news
බොහෝ දේශපාලඥයන් භාර්යාව නිසා පිරිහෙනවා.. එලීනාගේ ගුණ වයමින් අගමැති කියයි..

කාන්තාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇති මෙවැනි කාල වකවානුවක එලීනා ජයවර්ධන වැනි නිහතමානී කාන්තාවක් පිළිබඳ කෘතියක් එළිදැක්වීම ඉතා කාලෝචිත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත  “ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ. ආර්. ජයවර්ධන යුගයේ නොපළ කතා” කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත “එලීනා ජයවර්ධන – චරිතයක කථාවක්” යන කෘතීන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ ද කීය,

“ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා මෙම කෘතීන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වීමට ලැබීම ගැන. මම පාසල් යන අවධියේ නැවතිලා හිටියේ ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ නිවසට ආසන්න නිවසක. එතන තවත් වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකුත් හිටියා. මම එතුමිය දැක්කේ ඒ දවස් වල. ඇය ඉතාම නිහතමානී චරිතයක්. එලීනා මැතිනිය ගැන කෘතිය එළි දැක්වීම කාලෝචිත ක්‍රියාවක්. අද ගොඩක් දේශපාලනඥයින් පිරිහෙන්නේ ඔවුන්ගේ භාර්‍යාවන් නිසයි. මේ පොත කාන්තාවන් කියවන්න. එය කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇතැයි ”  අග්‍රාමාත්‍යතුමා පැවසීය.

බස්නාහිර පළාත සහිත කොළඹ සහ නව තොටමුණේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගැටහැත්තේ සෝභිත නායක හිමි, ජපානය ප්‍රමුඛ අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සී නායක හිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නය හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා එක් වූහ.

– රොහාන් වැලිවිට

28,858 views

13 Comments to “බොහෝ දේශපාලඥයන් භාර්යාව නිසා පිරිහෙනවා.. එලීනාගේ ගුණ වයමින් අගමැති කියයි..”

  1. Amdan says:

    ඕක අපේ අගමැති තුමාටත් අදාලයි.

    • John says:

      අපේ රටේ ආර්යායෝ හිටියා පුතුන් ක්‍රීඩා කරන රගර් මැච් වලට ප්‍රේක්ශකයෝ මදිනම් හමුදා ප්‍රධානීන්ට බැනවැදී පුතුන්ට චියර් කිරීමට බටපිරිස් ගෙන්වා ගත් යුගයක් .

    • Hudson says:

      This guy went hell bent against JR. now JR has become his hero.

  2. කඩියා says:

    එලිනා ජයවර්ධන මැතිනියට පසු එම ලැයිස්තුවට ඇතුලත් වෙන්න ඉන්නේ මයිත්‍රි වික්‍රමසිංහ මැතිනිය, ජයන්ත සිරිසේන මැතිනිය සහ පුෂ්පා රාජපක්ෂ මැතිනිය යන අයයි. හැබයි රනිල් වික්‍රමසිංහ සහ මයිත්‍රිපාල සිරිසේන කියන්නෙ පට්ට අපතයෝ.

  3. Sena says:

    තාදුජීන් ………….HA ..HA….HAA……..

  4. T says:

    අගමැතිතුමා ඔබතුමා කිරියෙන් නෙතු මුතු මාගේ භාර්යාව නිසා

  5. උක්කුං මල්ලී says:

    තාජූඩිදීන් ගේ අත කැඩූවේ කාගේ නෝනද.

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඕකම තමයි පුතාණොටත් උනේ පහුගිය ජනාධිපතිවරණෙදි.ඉරිදට කලින් සඳුද එන්න විදියක් නැහෙනෙ. හීනෙන් දැකපු දේ ජලනි මැතිණියට හැබැහින් කියවුනා.හීන දැක දැක උන්නු පුතාණොගෙ හීන බොඳ උනා.

  7. හිරණිකර් බබා says:

    කාගෙ ආර්යාවද පහුගිය ජනාධිපතිවරණ වේදිකාවකදි මාව පයිසෙකට මායිම් නොකර, ඒ මදිවට මාව පැත්තකට තල්ලු කරල, ගස්සගෙන ගියේ?

Main News