බෝම්බයක් පුපුරයි.. නිවාස කිහිපයකට හානි…

February 15, 2018 at 8:02 am | lanka C news
බෝම්බයක් පුපුරයි.. නිවාස කිහිපයකට හානි…

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී ඊයේ (12)රාත්‍රියේ කසල ගොඩකට ගිනි තැබීමෙන් එහි තිබූ අර්.පී.ජී වර්ගයේ බෝම්බයක් පුපුරා යාමෙන් අසල නිවාස කිහිපයකට හානි සුදුව ඇති බවටත් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වැසියෙකු විසින් ගෙවත්තක පිහිටි කසල ගොඩකට කසල රැස් වීමෙන් පසුව එයට ගින ලබා ඇති අතර කසල ගොඩ යට තිබූ ආර්.පී.ජී. බෝම්බයක් තිබී විශාල ශබ්දයක් සමග පුපුරා ගොස් ඇති අතර බෝම්බය පිපිරී යන අවස්ථාවේදී කසලගොඩ ආසන්නයේ කිසිවෙකුත් නොසිටීම නිසා කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති අතරම බොම්බය පිපිරී බෝම්බ කෑලි තොගයක් අසල නිවෙස් කිහිපයකට වැදී සුලු හානි සිදුව ඇති බවටද මුලතිව් පොලීසිය කියාසිටියේය.

කේසේ වෙතත් පුපුරා ගිය අදාල ආර්.පී.ජී. බොම්බය යුද සමයේදී වලදැමූ බෝම්බයක් බවටත් කසල ගොඩට ගිනි ගැනීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් බෝම්බය පුපුරා යන්නට ඉඩ ඇති බවට පරික්ෂණ සිදු කළ මුලතිව් පොලීසිය සැක පල කර සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

48 views

3 Comments to “බෝම්බයක් පුපුරයි.. නිවාස කිහිපයකට හානි…”

  1. Joseph Fernando says:

    This means that mine clearance process cannot cover 100% land area. This will continue for few more years. What steps are needed? DASH should commence another round or use mine dogs to find remain mines and UXOs.

  2. David Milli-banda says:

    “බෝම්බයක් පුපුරයි.. Wigneshwarange da ??

  3. sinha le says:

    LTTE කොටින්ගේ බෝම්බ තාමත් පුපුරනවා ..

Main News