බෝගොල්ලාගම නැගෙනහිර ආණ්ඩුකාර කිරීම නිමා ජීවන්, හේමාල් ආණ්ඩුකාර අලුත් ඇදුම් ගලවා දමති..
July 4, 2017 at 3:00 pm | lanka C news
බස්නාහිර පලාතේ ආණ්ඩුකාරයා ලෙස ජීවන් කුමාරතුංග පත්කරන බවට පසුගිය කාලයේදී පොරොන්දු කරගනිමින් ඔහු ජාතික ලැයිස්තුවෙන් පත්කිරිම ඉවත් කර ගැනීමට ඇමති ෆයිසර් මුස්තාෆා සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පොරොන්දු වූ බවට එකල මාධ්‍ය වාර්තා පල විය. ඒ අනුව ඔහු නිහඬ වූ අතර ඔහුට කොළඹ දිස්ත්‍රික්ය මහින්ද රාජපක්ෂගේ සහයෝගය ඇතිව දීනීමට තිබු අවස්ථාවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමේ අවස්ථාවත් යන දෙකම අහිමි වුහ.
හේමාල් ගුණසේකරද මහින්ද රාජපක්ෂගේ මවගේ පාර්ශ්වයේ නෑදකමක් කියමින්පාර්ලිමේන්තුවට පැමිණ පසුගිය මැතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු පෙනි සිටීමට ගොස් මහින්ද සමග එකතුවී පාර්ලිමේන්තුව ඒමට තිබු අවස්ථාවක් අහිමි කර ගත්හ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවය ඔහුට පොරොන්දු වී තිබුණේ ඒ වෙනුවෙන් සබරගමු හෝ ඌව පලාත් සභාවේ ආණ්ඩුකාරයා ලෙස පත් කරන බවයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධ වෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා ඔහු වෙනුවෙන් කඩේ ගිය යෝජිත ආණ්ඩුකාරවරුන් දෙදෙනාම නොසලකමින් මහින්දගේ ලගම ගෝලයෙකු වන රෝහිත බෝගොල්ලාගම නැගෙනහිර පලාතේ ආණ්ඩුකාරයා ලෙස පත් වී ඇත්තේ දැන් ජීවන්ලා හේමාල්ලාගේ දේශපාලන ජීවිතය අවසන් වී ඇති බැව් පෙන්නුම් කරමින් ය.
ඔබ තුමාට අපේ ප්‍රණාමය