බෝට්ටුවෙන් රටින් පනින්න 600කට වැඩි පිරිසක් අල්ලලා…

August 18, 2022 at 2:02 am | lanka C news
බෝට්ටුවෙන් රටින් පනින්න 600කට වැඩි පිරිසක් අල්ලලා…

තලෙයිමන්නාරම කුරුසපාඩු මුහුදු තීරය ඔස්සේ  අනවසරයෙන් මාහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 10 දෙනෙකු 16 රාත්‍රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ මුරසංචාරයක නිරතවූ අවස්ථාවේදී අදාල පිරිස මුහුදේ බොට්ටුවක නැගී ගමන්කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ අවුරුදු 18 වඩා අඩු ළමුන් සිව් දෙනකු සිට ඇති ඇත.

නාවිකහමුදා භාරයට පත් පිරිස වව්නියාව , පේසාලෙයි, ඌරුමලෙයි, කිලිනොච්චිය සහ කන්තලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩි දුරපරික්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසියට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

මේ අතර මේ වසරේ ජනවාරී මස සිට අගෝස්තු මස දක්වා කාලය තුලදී පමණක් 600 කට අධික පිරිසක් අනවසරයෙන් විදෙස් රටකට යෑමට උත්සහ කොට නාවිකහමුදා භාරයට පත්ව ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,776 views

4 Comments to “බෝට්ටුවෙන් රටින් පනින්න 600කට වැඩි පිරිසක් අල්ලලා…”

  1. කිරිහාමි says:

    ඉන්න බැරි හින්දා නේ යන්නේ

  2. atta says:

    We cannot stay here, are you give us FOOD.

  3. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.වෙනස ෂැපද …අපේ හාමුදුරුවනේ ……

  4. රටවැසියා says:

    හරිනම් රජයෙන් මේ මිනිස්සුන්ට පහසුකම් දෙන්න ඕනෙ පිට රටකට පැන ගන්න.

Main News