බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 500කට වඩි පිරිසක් අල්ලයි..

June 30, 2022 at 8:02 am | lanka C news
බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 500කට වඩි පිරිසක් අල්ලයි..

නීතිවිරෝධී අයුරින් ශ්‍රීලංකා මුහුදු සීමාවේ සිට විදෙස් රටවලට සංක්‍රමණය වීමට ගත් පුද්ගලයින් 500 කට අධික පිරිසක් මේ වසරේ (2022) ගතවූ මාස 06 ක කාලය තුලදී නාවික හමුදා භාරයට ගෙන නීතිමය පියවර ගත් බවට නාවික හමුදාව පවසයි.

මෙරට තුල පවතින වත්මන් ආර්ථික ගැටලු හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් යාම වැඩි ප්‍රවනතාවයක් ගෙවී ගිය මාස කිහිපය තුල වාර්ථා වන බවටද නාවික හමුදාව සඳහන් කරයි.

මේ අතර මෙතෙක් නාවික හමුදා භාරයට පත් වූ සංක්‍රමණිකයින්ගෙන් බහුතර පිරිස් උතුරු පලාතේ යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රීක්කයේ පදිංචි කරුවන් බවටද හඳුනාගෙන ඇත.

මේ අතර පසුගිය 27 වනදාද ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් යාමට උත්සහ දැරූ පුද්ගලයින් මීගමුව මුහුදු තීරයෙන් 47 දෙනෙකු සහ මඩකලපුව මුහුදු තීරයෙන් පුද්ගලයින් 54 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 101 දෙනෙකු නාවික හමුදා භාරයට පත්වූහ.

මේ අතර විදෙස් රටවලට පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් රැගෙන යාම ජාවාරමක් වී ඇති බවටත් ඇතැම් ජාවාරම් කරුවන් සාමාන්‍ය ජනතාව රවටා අධික මුදලක් අයකරගෙන එම වැසියන් අතරමං කිරීමේ ජාවාරමකද නියලී සිටින බවට නාවික හමුදාවට තොරතුරු ලැබී ඇති හෙයින් ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිට නොරැවෙටෙන ලෙසටද නාවික හමුදාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,503 views

4 Comments to “බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 500කට වඩි පිරිසක් අල්ලයි..”

  1. ෂක්පජරා says:

    කන්න බොන්න නැතිව ජීවිතේ ගැට ගහගන්න හදන එකාට යන්න දීපන් . මේ රටේ හිර කරගෙන මරන්න ද හදන්නේ?

  2. Jay says:

    මෙි ලංකාවෙි ඉන්න බැරි හින්දා නෙ යන්නෙ.මොන රෙද්දටද අල්ලන්නෙ ?තොපි අර ජනාංධිපති පරයව අල්ලල හිරේ දාපියවි

  3. atta says:

    ඔවුන් යන්නේ කරන්න දෙයක් නැති නිසා. මෙහෙ තියාගෙන කන්න දෙනවද? උන් ගියාම මොකද ජනගහනය අඩුවෙියිද? අපකීරිතියට රට පත් වෙයිද? දැන් මොනව වෙන්නද? උන්ට කන්න දෙමු රැකියා දෙමු තෙල් දෙමු ගෑස් දෙමු බැරිනම් යන්න දෙමු. අහවරයි නෙ?

  4. gamaya says:

    උතුරු දකුණ සියලුදෙනාට තිබෙන්නේ එකම ප්‍රශ්න යන අයට යන්න දීපල්ලා කාලකන්නි.

Main News