බෝට්ටු වලට ඉන්ධන නැතුව ධීවර, සංචාරක බෝට්ටු සේවා කඩා වැටෙයි….
March 18, 2022 at 6:20 pm | lanka C news
ධීවර තොටුපලෙන් දෛනිකව ධීවර කටයුතු සඳහා පිටත්ව යන එන ධීවර බෝට්ටු සිය ගණනක් ඉන්ධන නොමැතිව නතරකර ඇතැයි ධීවර බෝට්ටු කරුවෝ පවසති .
කුඩා යාන්ත්‍රික බෝට්ටු දෙසීයකට වැඩි ගණනක් දෛනික එක්දින ධීවර කටයුතුවල සාමාන්‍ය දිනවල යෙදුනද මේ දිනවල දැඩි ලෙස ධීවර බෝට්ටු වලට ද බලපා ඇති ඉන්ධන ගැටළුව හේතුවෙන් ධීවර රැකියාව කර ගැනීමටද නොහැකි වී ඇතැයි ඔවුහු පවසති .
ඉඳහිට ඉන්ධනහල් වලට ලැබෙන භූමිතෙල් patrol යම් ප්‍රමාණයක් බැරල් වලට රැගෙන විත් දුෂ්කර ධීවර රැකියාවේ නියුතු වුවත් මේ වන විට බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම නවතා දැමීම හේතුවෙන් ධීවර කර්මාන්තයේ නියුතු සුළු පරිමාණ ධීවරයන් මෙන්ම සංචාරකයන් වෙනුවෙන් ජල ක්‍රීඩා, බෝට්ටු සවාරි වැනි වෘත්තීන් වලින් ජීවනෝපාය සරි කරගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව බෙන්තොට බේරුවල සංචාරක බෝට්ටු කර්මාන්තය සහ ධීවර වෘත්තිකයන් ගැන සොයා බැලීමේදී දැනගන්නට හැකි විය .
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
උඹලට ඉක්මනින් සැනසීම ඕනා නම් npp මාලිමාව බලයට ගේන්න එකතු වෙන්න. එහෙම නොවේ නම් මේ වියසනය දීර්ග ලෙසටම තියේවි සුරංගනා කථා වලින් දැන් ගොඩ එන්න බැහැ, රටේ මංකොල්ල කාපු ධනය නැවත අරගෙන රටේ නීතිය හරියටම ක්‍රියාත්මක කරලා රටේ සියළුම සම්පත් රටට ලැබෙන පරිදි නගසිටවා ලෝකයට විස්වාසයක් ඇති කරන්න පුළුවන් ජව සම්පන්න පිරිසිදු පාලනයක් ඇති කල යුතුයි.. ඔය ගොබ්බ සජිත්ට එහෙම දැක්මක් නැහැ.. ඌට ඕනෙ මොනවා හරි පොරුන්දු දීල ජනාධිපති වෙන්න… රටක් ඕනෙ නම් ජීවත් වෙන්න ඕනෙ නම් npp මාලිමාව ගෙනෙමු පාරට බහින්නම වෙනවා