බෝතල්, කෑන් තහනමෙන් ප්රෙට්රල් අර්බුදය ඩබල් වෙයි..
November 7, 2017 at 12:40 pm | lanka C news
බෝතල් සඳහා ඉන්ධන නිකුත් කිරීම තහනම් කිරීමට විරෝධය පල කරන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංගමය විසින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.
ලේකම්,
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය,
කොළඹ.
ගරු ලේකම්තුමනී,
බෝතල් සඳහා ඉන්ධන නිකුත් කිරීම තහනම් කිරීමට විරෝධය
බෝතල් සඳහා ඉන්ධන නිකුත් කිරීම තහනම් කරමින් චක්‍ර ලේඛයක් නිකුත් කරන ඇතයි ප්රවෘත්ති වාර්තා වේ. මේ වන විට ඉන්ධන නොමැතිව වාහන හා යතුරුපැදි මඟ නවතී. එවන් අවස්ථාවක මෙවන් චක්‍ර ලේඛයක් තුලින් මහා වියවුල් තත්ත්වයක් ඇතිවේ. තවද විදුලි ජනන යන්ත්‍ර, දිනපතා භාවිතා කෙරෙන විවිධ කාර්මික උපකරණ සඳහා ඉන්ධන සපයන්නෙ කෑන් සහා බෝතල් ඇසුරෙනි.
තවද බෝතල් සඳහා ඉන්ධන තහනම් කිරීමෙන් සිදුවන්නේ ජනතාව තවත් බිය වී තම වාහන සඳහා වැඩිපුර ඉන්ධන පිරවීමයි. ඒවගේම ඉන්ධන නොමැතිව අසරණවූ මිනිස්සුන් ගෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මාෆියාවක් ද බිහිවේ. අතිගරු ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නියෝග කරන ලැබූ දෙයක් ඇමතිවරයෙකු විසින් මෙලෙස සීමා කරන්නෙ කෙසේද යන්නත් මහා ගැටලුවකී. එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමකී. ඉහත කරුණු හේතුවෙන් එම සීමා කිරීමට අපගේ දැඩි විරෝධය එල්ල කරමු.
ඔබේ අමාත්‍යාංශ හරහා අන්තර්ජාතික මාෆියාවක් ලංකාවේ මහජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරමින් යටකරගෙන ඇතැයි ජනතාවට දැන් පැහැදිලි වී ඇති නිසා වහාම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතිගරු ජනාධිපතිවරයා යටතට පත්කර ජාත්‍යන්තර පොලිසිය හරහා නීතිමය පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.
මෙයට,
චිරන්ත අමරසිංහ
සභාපති
සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය
ඔය සෙනග අස්සේ 62 ලක්ශයෙ බත්බැලයොත් ඇති , පන්ච්විද නන්ගිත් ඇති.අහලාබලන්නකෝ මයිතුනයගෙ වෙනස සැපද කියාලා
අම්මගෙ රෙද්ද තමයි එකෙක් එලියට එනවද කියා බලන්න.
Paan nathnam cake kaapalla kiuywa wage petrol nathnam boomithel walin duwapalla.
Yahapaalana niwedanayaki.
යතුරු පැදි කාරයනට නම් පෙට්රෝල් නොදුන්නත් කමක් නැ. හැමතැනම බෝග කරන්නේ උන් තමා
ඇයි අපේ එකෙක් තමුන්ගේ ඇකේ..යාද?
I think this is a drama which produced by Sira and Ranil.They will finalize few things while peoples are struggling with fuel problem.
මල කෙලියයි,, මට තණකොළ කපන මෑශිමයි ජෙනේරටර් ගලවාගෙන යන්න වෙනවා තෙල් ගහන්න. අනෙක කැන් වලට තෙල් දෙන්න එපා කියලා නීතිය සම්මත වුනේ කවදද දන්නේ නැහැ. දණ්ඩනීති සංග්‍රහයේ කොතනද දන්නේ නැහැ කෑන් වලට තෙල් ගැහුවම දෙන දඬුවම තියෙන්නේ. අතීසාරයට අමුඩ ගහනවා කියන්නේ මේවා තමයි. ආණ්ඩුවට තෙලුත් නැහැ කැඳත් නැහැ