බෝනොවන රෝග පාලනය කිරිමට ලෝක බැංකුව ලබාදෙන මුදල වැඩි කරයි..
September 17, 2016 at 2:05 am | lanka C news
ලෝක බැංකුෙවි ශ්‍රී ලංකා අධ්යක්ෂ Ms. Idah z Pswarayi මහත්මිය ඇතුලු නියෝජිතයින් පිරිසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග විශේෂ සාකචිඡුාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.
එහිදී බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුවෙන් ලබාදෙන ආධාර පිළිබදව සාකචිඡුා කෙරිනි. ෙමි වනවිට ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් බෝනොවන රෝග පාලනය කිරීම සදහා ලබාදී ඇත. ඒ වසර 05 ක කාලයක් සදහායි. එම මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.9 දක්වා වැඩි කිරීමට ලෝක බැංකු නියෝජිතයින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු විය. ෙමි වනවිට ලබාදී ඇති මුදල වියදම් කිරිම සතුටුදායක බව ද ලෝක බැංකුෙවි ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරිය අවධාරණය කර සිටියාය.
දුම්කොළ සමාගම්වලින් අය කරන බදු ප්‍රතිශතය සියයට 90 දක්වා වැඩි කිරීෙමි යෝජනාව ද ලෝක බැංකු නියෝජිතයින් ඇගයීමට ලක් කරන ලදි. දුම්කොළ විරෝධී වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයන දකුණු ආසියාෙවි එකම රට ශ්‍රී ලංකාව බව ද ලෝක බැංකු නියෝජිතයින් මෙහිදී පෙන්වා දෙන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ද එක්ව සිටියහ.
– නිපුන් ඒකනායක