බෝපත්තලාව කදුවැටියේ ගින්නක්.. සිඝ්‍රයෙන් කදුවැටිය පුරා පැති යයි…

January 25, 2019 at 2:02 am | lanka C news
බෝපත්තලාව කදුවැටියේ ගින්නක්.. සිඝ්‍රයෙන් කදුවැටිය පුරා පැති යයි…

ආගරපතන බෝපත්තලාව කදුවැටියේ ගින්නක් හටගෙන අැත. බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ බටහිර මායිමේ පිහිටි කදුවැටියේ මෙම ගින්න හට ගෙන තිබෙයි.

24 පස්වරු හට ගත් මෙම ගින්න සිඝ්‍රයෙන් කදුවැටිය පුරා පැතිර යමින් පවති.

එම කදුවැටියේ බෝපත්තලාව රක්ෂිතයද පිහිටා ඇති අතර පැතිර යමින් පවතින ගින්න රක්ෂිතය දෙසට  පැතිරෙමින් පවති.

බෝපතත්තලාව කදුවැටිය සිට  කාසල්රි ජලාශයේ ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇළ මාර්ග කිහිපයක්ද පිහිටා ඇති අතර   එම කදුවැටියෙන් ගලා බසින ජල මුලාශ කිහිපයක් හරස් කරමින් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ගණනාවකට පානිය ජලයද ලබාගනි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිත වලට ගිනි තැබිම් සිදු කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

138 views