බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන්ට ඇප නොදෙන්නැයි ලිඛිතව දැන්වුවා.. නමුත් අධිකරණය ඇප දුන්නා..- වැල්ලම්පිටිය කියයි..

May 17, 2019 at 3:50 pm | lanka C news
බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන්ට ඇප නොදෙන්නැයි ලිඛිතව දැන්වුවා.. නමුත් අධිකරණය ඇප දුන්නා..- වැල්ලම්පිටිය කියයි..

පාස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද මොහොමඩ් ඉන්සාෆ් ඉබ‍්‍රාහිම් නම් අයට අයත් වැල්ලම්පිටිය පිහිටි තම කම්හලේ සේවකයන් 10 දෙනෙකුට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා නොදෙන්නැයි ලිඛිතව සහ වාචික ව කරුණු ඉදිරිපත් කළ බව වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සදහන් කරයි.

අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් එම සැකකරුවන්ට ඇප ලබා නොදෙන්නැයි වාචිකව සහ ලිඛිතව කරුණු ඉදිරිපත් කර තිබිය දී එම සැකකරුවන් නවදෙනෙකු ට ඇප ලබාදීමේදී වරදක් කර ඇත්තේ තමන් නොව මහේස්ත්‍රාත්වරයා බවයි.

සැකකරුවන් දස දෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කුසක පනතක් යටතේ දැයි සඳහන් කර නොමැති නම් 09 දෙනෙකුට ඇප දී එක් අයෙකු පමණක් රක්ෂිත බන්ධනාගාරගත කළේ කෙසේදැයි පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කර පැමිණිල්ලේ සඳහන්ව ඇත.

36 views

23 Comments to “බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන්ට ඇප නොදෙන්නැයි ලිඛිතව දැන්වුවා.. නමුත් අධිකරණය ඇප දුන්නා..- වැල්ලම්පිටිය කියයි..”

  1. is this the fact judge i can say shame on you. how can our country going forward without quality judges.

  2. බන්ඩා says:

    අධිකරණය බලය විහිදුවන්නෙ සාධාරන තීන්දු මතද නැත්නම් පැමිනිලිකරැවන් සහ විත්තිකරැවන් යන දෙගොල්ලම බය කොරගෙනද යන ප්‍රශ්ණය ජනතාවට තියනවා.

  3. Nawodhi says:

    God bless for Sri Lankan Judiciary. With immediate effect this judge must be sack and cancel his lawyer licence and ……………

  4. Amarabandu says:

    පින්තූරෙ ඉන්න තඹයද දන්නෙ නැහැ ඇප දෙන්න කිව්වෙ.

    • Kadiya says:

      බැලුවම පින්තුරේ ඉන්න උන් ඔක්කොම තඹයොනේ.

  5. මාතර සුනිල් says:

    මෙයාගේ විතරක් නෙවෙයි ඔක්තෝබ ර් 26 හත් කට්ටුවේ බැංකු ගිණුම්, පිටරට දේපල ගැන හොයල බැලුවොත් නරකද.

    • වරදට දඬුවම නියතයි says:

      ශ්‍රී ලංකාව අස්ථාවරකරන්න දායක වුන කාලකන්ණි. ඇමෙරිකාවට ගිවිසුම ගහල රට ත්‍රස්තවාදයට ගොදුරුකරලා එමතින් මේ රටට මැදිහත්වන්න පාර ඇරලදුන්න එවුන්ගේ දරුවන්ටත් උන්ගේ දරුවන්ටත් හෙණ ඉල්ලනවා.

  6. Raji says:

    Anthimata police thamai hemoma allanna.
    Pagaganna judjla thamai hemathenama inne

  7. Sun says:

    Is the law is under money. If it is the case whole system of corrupted and it will spread round the country and beyond. That means it is going to continue as Kamma yoni beyond the life.

  8. pilath says:

    Ranjan is always right, these majjas are fully corrupt !!

Main News