බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන්ට ඇප නොදෙන්නැයි ලිඛිතව දැන්වුවා.. නමුත් අධිකරණය ඇප දුන්නා..- වැල්ලම්පිටිය කියයි..

May 17, 2019 at 3:50 pm | lanka C news
බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන්ට ඇප නොදෙන්නැයි ලිඛිතව දැන්වුවා.. නමුත් අධිකරණය ඇප දුන්නා..- වැල්ලම්පිටිය කියයි..

පාස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද මොහොමඩ් ඉන්සාෆ් ඉබ‍්‍රාහිම් නම් අයට අයත් වැල්ලම්පිටිය පිහිටි තම කම්හලේ සේවකයන් 10 දෙනෙකුට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා නොදෙන්නැයි ලිඛිතව සහ වාචික ව කරුණු ඉදිරිපත් කළ බව වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සදහන් කරයි.

අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් එම සැකකරුවන්ට ඇප ලබා නොදෙන්නැයි වාචිකව සහ ලිඛිතව කරුණු ඉදිරිපත් කර තිබිය දී එම සැකකරුවන් නවදෙනෙකු ට ඇප ලබාදීමේදී වරදක් කර ඇත්තේ තමන් නොව මහේස්ත්‍රාත්වරයා බවයි.

සැකකරුවන් දස දෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කුසක පනතක් යටතේ දැයි සඳහන් කර නොමැති නම් 09 දෙනෙකුට ඇප දී එක් අයෙකු පමණක් රක්ෂිත බන්ධනාගාරගත කළේ කෙසේදැයි පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කර පැමිණිල්ලේ සඳහන්ව ඇත.

226 views

23 Comments to “බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන්ට ඇප නොදෙන්නැයි ලිඛිතව දැන්වුවා.. නමුත් අධිකරණය ඇප දුන්නා..- වැල්ලම්පිටිය කියයි..”

  1. Ruwani says:

    රටම දන්නවා .නඩුකරය පගාව අරගෙන

    • Senarath says:

      මේ වගේ නඩුකාරවරු වාහනයේ පුපුරන ද්‍රව්‍ය අරගෙන ඇවිල්ල නිල මැදිරියෙදි ISIS මිතුරන්ට දෙන්න පුලුවන්. මේ නිසා උසාවියට එන නඩුකාරවරු ඇතුලු සියලු දෙනා දැඩිව පරීක්ෂා කරන්න ඕනා..

    • Rata Kana Ballo says:

      This judge too ” Tata Kana Ballek”

    • Rata Kana Ballo says:

      This is how judges find money to send their family abroad for education, shopping and buying luxury properties.
      These judges are included as “Traitors”

  2. Aurora says:

    අසාත් සාලි කිව්වනේද ඉසිස් විනිසුරු වරුත් ඉන්නවා කියල. ඌ කිව්වේ වාචාලකමටද නැතිනම් හේතුවක් ඇතුවද? හොයල බැලුවොත් හොඳයි නේද? නැතිනම් මේක මතක් කරපු මමද වැරදිකාරයා?

  3. Ruwani1980 says:

    රටම දන්නවා .නඩුකරය පගාව අරගෙන

  4. Sunil Aththanayake says:

    Ayi mekata Thamba. Kamhala kiyanne eka bomba kamhalak ne….!!!!

  5. Sun says:

    What is wrong with the legal system. Who went beyond or the incorrect methodology.

  6. sathya says:

    No trust on Courts?

  7. Ajith says:

    Do we have civil rights to criticize this?

  8. Nim says:

    DAN SATHUTU DA ?
    DEEPANKO UTHTHARA.

  9. සිරිපාල says:

    වැල්ලම්පිටිය පොලීසිය ලංකාවෙ තියෙන දූෂිතම පොලීසියක්. මගේ තාත්තා අවුරුදු 85ක විශ්‍රාමික ගුරුවරයෙක්. මෙ අය එයාට බොරු නඩු 3ක් දැම්මා. අන්තිමට ගරු මහේස්ත්‍රාත් තුමා නිදොස් කර නිදහස් කලා. අපිට ඉහල උසාවි වල මූලික අයිතිවාසිකම් නඩු, රීට් පෙත්සම් දාන්න සල්ලි නැති නිසා මේ පොලිස් අයගෙ පටි රෝල් වෙන්නෙ නැ.

    හොයලා බලන්න කොච්චර පැමිණිලි, අපරාධ විසඳන්නේ නැතුව තියෙනවඩ කියලා.

  10. Sana says:

    මරුනේ …

    අපේ යහ පලන්නේ ..

    අනේ අනේ …අපේ රටට උඅන දෙය ..

    කුරුත් නැද්ද රට බෙර ගන්න මය තිරිසන් හත්තෙන්

Main News