බෝම්බයක් ඇතැයි තොරතුරු.. වහා ජනතාව ඉවත් කෙරේ..

April 23, 2019 at 1:00 pm | lanka C news
බෝම්බයක් ඇතැයි තොරතුරු.. වහා ජනතාව ඉවත් කෙරේ..

බෝම්බයක් ඇති බවට ලද තොරතුරු මත ඩේවිට්වත්ත සුසාන භුමියේ සිටි ජනතාව ඉවත් කරමින් තිබේ.

ඉරිදා දිනයේ ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ දේහයන් මිහිදන් කරන මෙම සුසාන භූමිය ආසන්යේ බෝම්බයක් සවි කරන ලද යතුරුපැදියක් ඇතැයි ආරක්ෂක අංශවලට ලද තොරතුරු මත මෙම ක‍්‍රියාමාර්ගය ගෙන තිබේ.

මේ හේතුවෙන් දේහයන් සමග පැමිණෙන ඥාතීන්ද දැඩි ලෙස පරික්ෂා කිරීමකට ලක් කරමින් ඇත.

දේහයන් මිහිදන් කල වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් වන ලෙසත් සුසාන භූමිය තුල නිකරුනේ රැදි නොසිටින ලෙසත් දැනුම් දී තිබේ.

218 views