බෝම්බයක් හමුවෙයි..

November 14, 2019 at 6:48 pm | lanka C news
බෝම්බයක් හමුවෙයි..

මුලතිව් කෝකිලායි අරිසිමලෙයි ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී පුද්ගල නාශක බිම්බෝම්බයක් හමු වූ බවට නාවික හමුදාව පවසයි.

අදාල බිම්බෝම්බ්ය අතහැර දමන ලද ගොඩනැගල්ලක වලදමා තිබුනු අතර නැගෙනහිර නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ සෝදිසි මුර සංචාරයකදී සොයාගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම ස්ථානයේදී බිම්බෝම්බය වල දමන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

අනතුරුව අදාල ස්ථානයෙන් බිම්බෝම්බය ඉවත් කොට වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,874 Viewers

4 Comments to “බෝම්බයක් හමුවෙයි..”

  1. දේවක says:

    එහෙනම් ගෝටාබය දිනවමු. 😀

    • country man says:

      ‘THE ONLY HOPE’

      • කුණු දතා TV Channel says:

        නෑ.. නෑ.. ලමයො… අර කවුද ජෝතීර්වේදියෙක් කියල තිබ්බේ …
        සජිත් පැරදුනොත්…ගාළු මුවදොරට…
        නිරුවතින් ඇවිල්ලා හිසට වෙඩි තියාගන්නවා කියල…
        ඒකට හදපු එකක්…
        සද්දෙ රටටම ඇහෙන්න එපායැ ..!
        පොරොන්ඳුව ඉටුකරා කියල..!🤣🤣🤣

    • MD says:

      Kohamath dinanna ona.Nathnam Rata iwarayatama iwarai.nathnam oyatath oyage pawule ayatath sadahatama hulla hulla inna wei.sorry ehema kiyanna wuna ekata.

Main News